බලන්න

01

E   |   த   |  

 දිනය: 2026-09-11   පිළිතුර ලබා දී ඇත 

2264/2026: කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන: නුවරඑළිය දිස්ත්‍රික්කය

 ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇති කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

   (ii)       එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව හඳුනාගෙන තිබේද;

(iv) එසේ නම්, එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත අ(i)හි සඳහන් මධ්‍යස්ථානවල නිලධාරි පුරප්පාඩු තිබේද;

(ii) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-09-11

අසන ලද්දේ

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      මෙම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නොමැත.

                        ඉහත කාරණය සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ජාතික පසු අස්වනු තාක්ෂණික ආයතනයේ ප්‍රාදේශීය කාර්යාල මඟින් විමසා සනාථ කර එවා ඇත.

(ii) අදාළ නොවේ.

(iii) මෙම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය මැදිහත් වීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවුණ ද පුද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පහත ආයතන මඟින් සපයනු ලැබේ.

• කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

• ජාතික පසු අස්වනු තාක්ෂණික ආයතනය

(iv) අදාළ නොවේ.

(ආ) (i) අදාළ නොවේ.

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-09-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks