පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චාමර සම්පත් දසනායක මහතා,— ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඉන්ද්රා ට්රේඩර්ස් (පෞද්ගලික) ආයතනය හරහා ආනයනය කර ඇති ‘පහත් පතුලක් සහිත’ සුඛෝපභෝගි ෆොටෝන් බස් රථ සංඛ්යාව කොපමණද;
(ii) එම බස් රථ ව්යාපෘතියේ දෙවැනි අදියර යටතේ ඇණවුම් කර ඇති බස් රථ සංඛ්යාව කොපමණද;
(iii) දෙවැනි අදියර සඳහා ඇණවුම් කර ඇති බස් රථ පළමු අදියරේදී ආනයනය කරන ලද බස් රථවල මිලට සමාන වන්නේද;
(iv) නොඑසේ නම්, එම මිල වෙනස් වන්නේද;
(v) එම බස් රථ නගර ආශ්රිත මාර්ගවල ධාවනයේ යොදවන්නේද;
(vi) නොඑසේ නම්, ග්රාමීය මාර්ගවල ධාවනයට යොදවන්නේද;
(vii) එම බස් රථ නගර ආශ්රිත මාර්ගවලට යොදවන්නේ නම්, ගම්බද මාර්ගවලට යොදවන බස් රථ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-11
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්යාංශය
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 10කි. Clean Sri Lanka අරමුදල මඟින් ගෙන්වා ඇති මෙම බස් රථ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රසම්පාදන පටිපාටියට අනුව ඉන්ද්රා ට්රේඩර්ස් (පෞද්ගලික) ආයතනය මඟින් ගෙන්වන ලදී.
(ii) එම ව්යාපෘතියේ දෙවන අදියරක් නැත.
මෙට්රෝ ආයතනය මඟින් ඉල්ලුම් කළ බස් රථ 100 ප්රවාහන අමාත්යාංශයේ ප්රසම්පාදන පටිපාටියට අනුව, නියමු ව්යාපෘතිය වෙත ගෙන්වන ලද බස් රථ වේ.
පළමු පත්ල පහත් බස් රථ 10 Clean Sri Lanka ව්යාපෘතිය යටතේ ශ්රී ලංගම මඟින් ප්රසම්පාදනය කළ අතර, එම බස් ඇණිය ධාවනය කිරීම, කළමනාකරණය සහ පරිපාලනය පමණක් ලංකා මෙට්රෝ ට්රාන්සිට් ආයතනය මඟින් කරනු ලබයි. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
(iii) නැත. වෙනත් ප්රසම්පාදනයකි. තරගකාරී ලංසු කැඳවීමෙන් තෝරා ගන්නා ලදී.
පළමු මාදිලිය 10 - BJ 6129
දෙවන මාදිලිය 100 - BJ 6123
ඒකේ විස්තර මම ඉක්මනට කියන්නම්, ගරු කථානායකතුමනි. Clean Sri Lanka අරමුදල මඟින් ගෙනාපු බස් දහයේත්, ප්රවාහන අමාත්යාංශය ගෙනාපු බස් සියයේත් වෙනස්කම් තිබෙනවා. පළමුවන බස් රථ 10න් එකක වටිනාකම රුපියල් මිලියන 36.5යි, සීට් 32 බස් ගෙනෙන්නේ. දෙවන බස් රථ 100න් එකක වටිනාකම රුපියල් මිලියන 41.9යි. මිලෙහි වෙනසක් තිබෙනවා. ඒ බස් රථ 100න් 60ක් සීට් 32 ඒවා. ඉතිරි බස් රථ සීට් 40 ඒවා. පළමුවන බස් දහයේ model එක BJ 6129. දෙවන බස් 100හි model එක BJ 6123. Bidding date එකත් මේ හැම එකකම වාගේ වෙනස් වෙනවා. පළමුවැනි බස් රථ දහයේ, bidding date එක 23.07.2025. දෙවන බස් රථ සියයේ bidding date එක 17.10.2025. ඒ වෙලාවේ බස් රථ දහය ගෙන්වනකොට US Dollar rate එක රුපියල් 305.51යි. බස් සියයේදී රුපියල් 306.76යි. පළමුවන බස් රථ දහයේ digital system එකක් නැහැ. දෙවන බස් රථ සියයේ complete digital system එකක් තිබෙනවා. පළමුවන බස් රථ දහයේ credit period එකක් නැහැ. දෙවන බස් රථ සියයේ credit period එක මාසයක් තිබෙනවා. පළමුවන බස් රථ දහයේ performance security එක දවස් 365යි. දෙවන බස් රථ සියයේ performance security එක දවස් 1,020යි. පළමුවන බස් රථ දහයේ international training එකක් අපේ සේවක මහත්වරුන්ට ලැබෙන්නේ නැහැ. දෙවන බස් රථ සියයේ අපේ techniciansලා දහසය දෙනෙකුට දින හතක training එකක් ලැබෙනවා. පළමුවන බස් රථ දහය දෙන company එකෙන්, warranty period එකට ලංකාවේ සිට වැඩ බලන resident engineer කෙනෙක් නැහැ. දෙවන බස් රථ සියයේ අවුරුදු දෙකක් යනකල් ඒ සමාගමෙන් engineersලා හතරදෙනෙක් අපේ රටේ ඉන්නවා. ඔන්න ඔය කියන වෙනස්කම් මත තමයි මිලේ වෙනස්කම් ඇවිල්ලා තිබෙන්නේ.
(iv) ගරු මන්ත්රීතුමනි, මිල වෙනස්වීමට හේතුව තමයි මම කරුණු වශයෙන් කිව්වේ. ඒක තමයි ඒකේ ඇතුළත් වන්නේ. තවත් පොඩි විස්තරයක් කරන්නම්. පළමුවන බස් රථ දහය සඳහා පිළියෙළ කළ පිරිවිතර සහ මෙට්රෝ ආයතනය පිළියෙළ කළ පිරිවිතර අතර වෙනස්කම් පවතී.
ඊට අමතරව මෙම අවස්ථා දෙකේදී ලංසු කැඳවීමේදී ඉදිරිපත් කර ඇති කොන්දේසි එකිනෙකට වෙනස් බැවින්, මෙට්රෝ ආයතනය මඟින් ඉදිරිපත් කළ කොන්දේසි අතර - ITB 4.1 (iii) - මෙම වර්ගයේ බස් රථ අවම 750ක් පසුගිය අවුරුදු තුන ඇතුළත සාදා තිබිය යුතු අතර, අවම වශයෙන් රටවල් පහකට අපනයනය කර තිබීම අනිවාර්ය කර ඇත.
බස් රථ පිළිබඳ විස්තරය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(v) සියලු පත්ල පහත් බස් රථ නාගරික මාර්ගවල පමණක් ධාවනය වේ.
(vi) ලංකාවේ සියලුම ග්රාමීය මාර්ගවල මෙම පිරිවිතර සහිත බස් ධාවනය කළ නොහැක.
(vii) ඔව්. එම මාර්ගවලට සුදුසු පිරිවිතර සහිත බස් රථ යෙදවිය යුතුය. සියලු බස් රථ සඳහා අදාළ පිරිවිතර මේ වන විට අවසන් කර ඇති අතර, ඒවා කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා, ගරු මන්ත්රීතුමනි. එක් එක් මාර්ග සඳහා ගැළපෙන බස් රථ මෙම පිරිවිතරයන්ගෙන් තෝරාගත යුතුය.
මෙම Metro Buses ශ්රී ලංකාවේ නගර ආශ්රිත මාර්ග සඳහා ගැළපෙන අයුරින් ඇණවුම් කර ඇත. එබැවින් ගම්බද මාර්ග සඳහා ඊට ගැළපෙන පිරිවිතර සහිත බස් රථ ආනයනය කළ යුතුය.
ශ්රී ලංකාවේ පවතින මාර්ග වර්ගීකරණය අනුව එම එක් එක් මාර්ගය සඳහා වෙන වෙනම බස් රථ පිරිවිතර තෝරාගත යුතුය.
පත්ල පහත් කාණ්ඩය : Dulux (Low-floor)
ග්රාමීය මාර්ග සඳහා වන කාණ්ඩය : Normal හෝ Dulux
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks