පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ක්රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය,— වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සෞම්යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම පදනමට අධ්යක්ෂ මණ්ඩලය පත් කරන ලද පදනම කවරේද;
(iii) එම අධ්යක්ෂ මණ්ඩලය පළමුවැනි වරට පත් කරන ලද්දේ කවුරුන්ද;
(iv) පදනමේ පළමුවැනි සභාපතිවරයා කවුරුන්ද;
(v) අධ්යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්වූ දිනය සහ ඒ සඳහා සහභාගිවූ සාමාජිකයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම පදනමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අවශ්ය ගණපූර්ණය කොපමණද;
(ii) පදනමේ අධ්යක්ෂ මණ්ඩලය කොපමණ වාරයක් රැස්වී තිබේද;
(iii) එම රැස්වීම් පැවැත්වූ දින කවරේද;
(iv) අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වන ලද රැස්වීම් පිළිබඳ ලේඛනගත වාර්තා තිබේ නම්, එම වාර්තා ඉදිරිපත් කරන්නේද;
(v) පදනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා සංඛ්යාව කොපමණද;
(vi) එම වාර්තා ඉදිරිපත් කර ඇති වර්ෂ කවරේද;
(vii) වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-11
අසන ලද්දේ
ගරු ක්රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම.
අමාත්යාංශය
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සෞම්යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම 2005.05.11 දින ආරම්භ කර ඇත.
(ii) මෙම පදනමේ පරිපාලන කටයුතු විධිමත්ව ඉටු කිරීම සඳහා.
(iii) 2005 අංක 19 දරන පාර්ලිමේන්තු පනත මඟින්.
(iv) එම්.එස්. සෙල්වසාමි මහතා.
(v) 2005.05.11 දින.
සාමාජිකයන්:
• එම්.එස්. සෙල්වසාමි මහතා
• ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා
• එස්.පී. දිවාරත්න මහතා
• වාමදේවන් මහතා
• ආර්. යෝගරාජන් මහතා
• මනිමුත්තු මහතා
• රනිල් වික්රමසිංහ මහතා
• ජී. සදාසිවම් මහතා
(ආ) (i) පහකි.
(ii) • 2005 සිට 2014 දක්වා කළමනාකරණ මණ්ඩල රැස්වීම් 20කි. හැබැයි, රැස්විය යුතු වාර ගණන 108යි. ඒ, 108න් 20ක් රැස්වෙලා තිබෙනවා.
• 2015 සිට 2020 දක්වා කළමනාකරණ මණ්ඩලය රැස්වී නොමැත. (මෙම පදනම ක්රියාත්මක නොවුණු අතර එය ප්රජාශක්ති මෙහෙයුම් ඒකකය ලෙස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්යාංශය යටතේ පැවතුණු බැවින් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැත.)
• 2021 සිට 2026.08.06 දක්වා කළමනාකරණ මණ්ඩල රැස්වීම් 11කි.
(iii) එම රැස්වීම් පැවැත්වූ දින ගණන ඇමුණුම මඟින් දක්වා ඇත. ගරු කථානායකතුමනි, එම පිළිතුර දීර්ඝ බැවින් ඇමුණුම සභාගත* කරමි.
(iv) විශාල ලිපිගොනු වශයෙන් පවතින බැවින්, ගරු මන්ත්රීතුමියට අවශ්ය ලේඛන වෙන් කර කියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
(v) පාර්ලිමේන්තුවට වාර්ෂිකව සැපයිය යුතු වාර්තා සංඛ්යාවෙන් මේ වන විට වාර්තා 8ක් ඉදිරිපත් කර තිබෙනවා.
(vi) 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013 සහ 2014.
2014 සිට මේ දක්වා වාර්තා ඉදිරිපත් වී නැත. වර්තමාන වාර්තා හදන්න ගියාම තිබෙන ප්රශ්නය තමයි, මුල් වාර්තා හදන්නේ නැතුව, ඒ කියන්නේ 2015 සිට වාර්තා හදන්නේ නැතුව 2025, 2026 වාගේ වර්ෂවල වාර්තා සෑදීම අපහසු වීම. නමුත් අපි මේ වන විට එම කටයුතු වේගවත් කරමින් පවතිනවා.
(vii) ඔව්.
2015 සිට 2020 දක්වා මෙම පදනම ක්රියාත්මක නොවූ අතර, මම මුලින් කිව්ව ආකාරයට ඒක පවත්වාගෙන ගිහින් තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks