01

E   |   த   |  

 දිනය: 2026-09-11   පිළිතුර ලබා දී ඇත 

2259/2026: Legal Fees Paid by Sri Lanka Cricket from 01.01.2020 to 31.03.2026

ගරු අජිත් පී. පෙරේරා මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2020.01.01 දින සිට 2026.03.31 දින දක්වා කාල සීමාව තුළ —

              (i)       ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නීතිඥ ගාස්තු ලෙස ගෙවා ඇති මුදල කොපමණද;

            (ii)       එම ආයතනය පාර්ශ්වකරුවෙකුවූ නඩුවල අංක, අදාළ අධිකරණ සහ එක් එක් නඩුව සඳහා නීතිඥ ගාස්තු වශයෙන් ගෙවා ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) නඩු කටයුතුවලට අදාළ නොවන නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥවරුන් වෙත ගෙවා ඇති සම්පූර්ණ මුදල කොපමණද;

(iv) නඩු සහ අනෙකුත් නීතිමය උපදෙස් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සේවය ලබා ගෙන ඇති නීතිඥවරුන් කවුරුන්ද;

(v) එම එක් එක් නීතිඥවරයා වෙත ගෙවා ඇති නීතිඥ ගාස්තු වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ නීතිමය කටයුතු සඳහා අනාගතයේදී වැයවන මුදල් අවම කර ගැනීම පිණිස වර්තමාන පරිපාලනය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-11

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks