01

E   |   த   |  

 දිනය: 2026-09-09   පිළිතුර ලබා දී ඇත 

2257/2026: Endorsement of the MOU between Sri Lanka and India on the Implementation of the High Voltage Direct Current (HVDC) Interconnection for the Import and Export of Power

ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2025.04.05 දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධි වෝල්ටීයතා සරල ධාරා සම්ප්‍රේෂණය ඔස්සේ විදුලිය ආනයනය සහ අපනයනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේද;

(ii)  එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් කවුරුන්ද;

(iii) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්කරගෙන ඇති ප්‍රගතිය කවරේද;

(iv) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෝ රජයට අනුබද්ධ ආයතන විසින් මේ දක්වා දරා ඇති වියදම කොපමණද;

(v) මෙම ගිවිසුම අනුව කටයුතු කිරීම මඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රතිලාභ කවරේද;

(vi) ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks