01

E   |   த   |  

 දිනය: 2026-09-08   පිළිතුර ලබා දී ඇත 

2236/2026: Construction of Oluvil fishing Harbour

ගරු  අබූබකර් අතම්බාවා මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර සහ වාණිජ වරායක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ‘ඔලුවිල් වරාය’ පිහිටුවන ලද බව දන්නේද;

            (ii)       එම වරාය පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;

(iii) වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය ආධාර සැපයූ විදේශ රාජ්‍යය කවරේද;

(iv) ඒ සඳහා වැය කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;

(v) වරායේ මෝය කට වැලි තැන්පත් වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු අත්හැර දැමීමට පෙර, එය කාර්යක්ෂමව ක්‍රියාත්මකවූ කාලසීමාව කොපමණද;

(vi) එම වරාය අක්‍රිය තත්ත්වයට පත්ව මේ වනවිට ගතවී ඇති කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වරාය ආරම්භයේදී එමඟින් ප්‍රතිලාභ ලැබූ ධීවරයන්ගේ සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට එමඟින් ප්‍රතිලාභ ලබන ධීවරයන් සිටින්නේද;

(iii) එසේ නම්, එම ධීවරයන් සංඛ්‍යාව කොපමණද;

(iv) මෙම වරාය ජාතික මත්ස්‍ය නිෂ්පාදනයට සහ රටේ ආර්ථිකයට දායකත්වය ලබාදිය හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර තිබේද;

(v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-08

අසන ලද්දේ

ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks