පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-08-20
අසන ලද්දේ
ගරු රුවන් විජේවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් හජ් අරමුදලේ 2026.06.10 දිනට ශේෂය මෙසේයි. ගිණුම් දෙකක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.
ජංගම ගිණුම - රුපියල් 2,001,497.00
ඉතිරි කිරීමේ ගිණුම- රුපියල් 317,206,610.00
(ii) එම අරමුදලට මුදල් බැර වන ආකාර කිහිපයක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.
ශුද්ධ වූ හජ් වන්දනා නියෝජිත ආයතන තෝරා ගැනීම සඳහා නිකුත් කරන ලද අයදුම්පත්‍රය සඳහා ලබා ගන්නා අයදුම්පත් ගාස්තුව රුපියල් 1,000.00යි. එය එක් විධියක්.
තෝරා ගන්නා ලද හජ් වන්දනා නියෝජිත ආයතන මඟින් ලබා ගන්නා ලියාපදිංචි ගාස්තුව රුපියල් 200,000.00යි.
තෝරා ගන්නා ලද හජ් වන්දනා නියෝජිත ආයතන මඟින් එක් හජ් බැතිමතෙකුගෙන් - එක් වන්දනාකරුවකුගෙන් - ලබා ගන්නා පරිපාලන ගාස්තුව රුපියල් 5,000.00යි.
හජ් බැතිමතුන් ලියාපදිංචි කිරීම සඳහා හජ් බැතිමතෙකුගෙන් අය කරන ගාස්තුව රුපියල් 5,000.00යි.
ශුද්ධ වූ උම්රා වන්දනා නියෝජිත ආයතන තෝරා ගැනීම සඳහා නිකුත් කරන ලද අයදුම්පත් සඳහා ලබා ගන්නා අයදුම්පත් ගාස්තුව රුපියල් 1,000.00යි.
තෝරා ගන්නා ලද උම්රා වන්දනා නියෝජිත ආයතන මඟින් ලබා ගන්නා ලියාපදිංචි ගාස්තුව රුපියල් 50,000.00යි. මෙන්න කියපු විධියට තමයි එම අරමුදලට මුදල් බැර වෙන්නේ.
(iii) ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත.
(iv) මේ වන විට හජ් අරමුදලේ මුදල් භාවිත කරමින් කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැත. නමුත් මෙම වසරේ ඇති වූ "දිට්වා" සුළි කුණාටුවෙන් අලාභානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා හජ් අරමුදලින් "දිට්වා" අරමුදලට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 5ක මුදලක් ලබා දී තිබෙනවා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ දැනට තිබෙන සටහනක් අනුවයි. ඇත්තටම ඒක පනතක් නොවෙයි, මඟ පෙන්වීමේ සටහනක්. ඒකේ තිබෙනවා, මේ වාගේ ප්‍රජා ආරක්ෂණ ව්‍යාපෘතිවලට වියදම් කරන්න පුළුවන් කියලා. ඒ යටතේ තමයි එම මුදල දීලා තිබෙන්නේ.
(v) විගණනයට ලක් කරන්නේ නැත.
(vi) මෙම අරමුදල ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් - non-statutory fund එකක් - වන බැවින් මෙතෙක් විගණනය කර නොමැත.
තවද, ජාතික හජ් පනත් කෙටුම්පතක් සකස් කර අමාත්‍යාංශය මඟින් දැන් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. දැනට විගණනය නොවුණාට සකස් කර අලුතින් යොමු කර තිබෙන පනත් කෙටුම්පතේ හජ් අරමුදල විගණනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඉදිරියේදී එම අරමුදල විගණනයට ලක් කිරීමට ඒ අනුව කටයුතු සැලසෙයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks