පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් ගිහාන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාකරුවන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iii) ඉස්සන් කර්මාන්තය රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන කර්මාන්තයක් වන බැවින්, එම කර්මාන්තයේ සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(v) ඉස්සන් වගාකරුවන්ගේ නිෂ්පාදන අපනයනය කිරීමේදී පවතින ගැටලු හඳුනාගෙන තිබේද;
(vi) එසේ නම්, එම ගැටලු විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-20
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාකරුවන්හට සිදු වූ හානිය සඳහා වන්දි මුදල් ලබා දීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මේ වනවිට කුඩා පරිමාණ නිෂ්පාදන ඒකක 316ක් සඳහා රුපියල් මිලියන 125.2ක වන්දි මුදල් ලබා දී ඇත. මධ්‍යම පරිමාණ නිෂ්පාදන ඒකක සඳහා වන්දි මුදල් ලබා දීමේ කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතී.
(iii) ඔව්.
(iv) • ඉස්සන් අභිජනනාගාර සහ ගොවිපළ රෝග හඳුනා ගැනීම සහ පාලනය කිරීම සඳහා පුත්තලම, කිලිනොච්චිය සහ මඩකලපුව යන වෙරළබඩ ජලජීවී වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකක ස්ථාපිත කර ඇත.
• ඉස්සන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම සහ යහපත් කළමනාකරණ වගා පිළිවෙත් යාවත්කාලීන කර ඇති අතර, එම පිළිවෙත් අනුගමනය කරමින් වගාව සිදු කරන ආකාරය පිළිබඳව වගාකරුවන් දැනුවත් කිරීම් කටයුතු සිදු කිරීම.
• ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මඩකලපුව සහ ත්‍රිකුණාමය යන දිස්ත්‍රික්කයන්හි සුදුසු ඉඩම් හඳුනා ගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.
• ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් Shrimp Industry Information System - SIIS - දත්ත පද්ධතියක් සකස් කර ඉස්සන් කර්මාන්තයේ දත්ත යාවත්කාලීන කරමින් පවතී.
• ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරීමට කටයුතු කරමින් පවතී. මෙමඟින් ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
(v) ඔව්.
(vi) ඉස්සන් සඳහා දේශීය වෙළෙඳ පොළේ හොඳ මිලක් ලැබීම හේතුවෙන් අපනයනය නොකොට නිෂ්පාදනය දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට යොමු වී තිබීම අපනයනයට ප්‍රධාන අභියෝගයකි. දේශීය පරිභෝජනය සඳහා වසරකට ඉස්සන් මෙට්‍රික්ටොන් 9,000ක් පමණ අවශ්‍ය වන අතර, මෙම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය වැඩි කිරීම තුළින් අපනයනය ද වැඩි වේ යැයි අපේක්ෂා කරමි.
තවද, SPF P. Monodon සඳහා දේශීය වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක් පවතින නිසා එම ඉස්සන් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් SPF P. Monodon ඉස්සන් අභිජනනාගාර එකක් පමණක් පැවති අතර, මේ වනවිට තවත් එක් අභිජනනාගාරයක් සඳහා ද අවසර ලබා දී ඇත.
ඉහත කරුණුවලට අමතරව දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ද ගෙන ඇත.
• සූර්ය බලශක්තිය වැනි විකල්ප පුනර්ජනනීය බලශක්ති ක්‍රම භාවිත කිරීම මඟින් ඉස්සන් නිෂ්පාදනයේ වියදම අඩු කර ගැනීමට වගාකරුවන් දැනුවත් කිරීම.
• ජෛව ආරක්ෂණ ක්‍රමවේදය හා රෝග පාලනය සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කාර්යක්ෂම කර පවත්වා ගෙන යෑම.
• ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් Shrimp Industry Information System - SIIS - දත්ත පද්ධතියක් සකස් කර ඉස්සන් කර්මාන්තයේ දත්ත හා තොරතුරු පාර්ශ්වකරුවන් අතර හුවමාරු කර ගැනීමට කටයුතු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රත්න ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks