E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

2182/2026: Establishment of Kurunegala - Habarana railway line

ගරු සුනිල් රත්නසිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       කුරුණෑගල-හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

            (ii)       ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය කොපමණද;

           (iii)       ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම්ගතවූ සමාගම කවරේද;

(iv) ව්‍යාපෘති කාලසීමාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගැනීමට යෝජිත ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;

(ii) එයින් වන්දි ගෙවා අත්පත් කරගෙන ඇති ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;

(iii) වන්දි ගෙවා අත්පත් කරගත් ඉඩම් වර්තමානයේ භුක්ති විඳින පාර්ශ්වයන්/පුද්ගලයන් කවරේද;

(iv) මෙම ව්‍යාපෘතියේ සමස්ත ප්‍රගතිය කවරේද;

(v) ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට කරගෙන යාමට අදහස් කරන්නේද;

(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks