E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2166/2026: Damage to schools caused by cyclone Ditwa

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය  සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් රජයේ පාසල් සංඛ්‍යාව;

             (ii)      එම පාසල්වලට සිදුවූ හානියේ ස්වභාවය සහ ඇස්තමේන්තුගත හානිය;

(iii) එම පාසල්වල හානි යථා තත්වයට පත්කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම ස‍‍ඳහා මේ වනවිට රජය, අමාත්‍යාංශය, පළාත් සභා, විදේශ ආධාර වැඩසටහන් සහ අනෙකුත් ආයතන මඟින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන;

(iv) එම මූල්‍ය ප්‍රතිපාදන මඟින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද පාසල් සංඛ්‍යාව;

(v) මේ වනවිට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා හෝ ප්‍රතිසංස්කරණය කර නොමැති පාසල් සංඛ්‍යාව;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) අලුත්වැඩියා හෝ ප්‍රතිසංස්කරණය කර නොමැති පාසල් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මුළු මුදල කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks