E   |   த   |  

 දිනය: 2026-11-03   පිළිතුර ලබා දී ඇත 

2164/2026: Land extent of the Gal Oya Valley National Park

ගරු නීතිඥ සරත් කුමාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ‘ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය’ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ වර්ෂය කවරේද;

            (ii)       එම වනෝද්‍යානය අයත් වන පරිපාලන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(iii) වනෝද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය කොපමණද;

(iv) මොනරාගල දිස්ත්‍රික්කයේ, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුලුවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි, වනෝද්‍යානයේ සීමාව තුළ වගා කටයුතු සඳහා නීත්‍යානුකූලව අවසර ලබාදී තිබේද;

(v) එසේ නම්, වගා කටයුතු සඳහා වෙන් කර ඇති භුමි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම වනෝද්‍යානයට අයත් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුලුවෙල ප්‍රදේශයේ රක්ෂිත සීමා තුළ ස්ථිර නිවාස  ‌හෝ වෙනත් ගොඩනැගිලි ඉදිකර තිබේද;

(ii)  එසේ නම්, එම රක්ෂිත සීමා තුළ මේ වනවිට පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පදිංචිකරුවන් සහ වගාකරුවන් සම්බන්ධ නීතිමය තත්ත්වය කවරේද;

(iv) එම ජනතාවගේ ගැටලු විසඳීමට ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-11-03

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks