E   |   த   |  

 දිනය: 2026-10-20   පිළිතුර ලබා දී ඇත 

2163/2026: ගම්මිරිස් නිෂ්පාදනය: පර්යේෂණ සහ ව්‍යාප්තිය

ගරු නීතිඥ සරත් කුමාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්‍රික්ක කවරේද;

            (ii)       මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්‍රභේද කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පර්යේෂණ ආයතනයක් තිබේද;

(ii)  එසේ නම්, මේ වනවිට ආරම්භ කර ඇති පර්යේෂණ කවරේද;

(iii) ගම්මිරිස් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-10-20

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල

              (ii)      දේශීය, පැනියුර් 1, දේශීය වරණයන්. ඩිංගි රාළ, කොහුකුඹුරේ රාළ, බූටෑවේ රාළ විධියටත් මෙම ගම්මිරිස් ප්‍රභේද හඳුන්වනවා. 

(ආ)         (i)      ඔව්.

(ii)       Ø  ගම්මිරිස් ජාන දර්ශ ඇගැයීම් පිළිබඳ පර්යේෂණ

Ø ගම්මිරිස් රෝග හා පළිබෝධ කළමනාකරණය පිළිබඳ පර්යේෂණ

Ø ගම්මිරිස් භෝග සංවර්ධන පර්යේෂණ

Ø ශාක පෝෂණ කළමනාකරණය මඟින් ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම

Ø ශෂ්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන්

Ø පසු අස්වනු තාක්ෂණ හා අගය එකතු කිරීම

Ø කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම් අවම කර ගැනීම සඳහා කරනු ලබන පර්යේෂණ

(iii) a) ගම්මිරිස් නව වගාවක් ලෙස ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම.

b) කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන යටතේ නොමිලේ ගම්මිරිස් පැළ ලබා දීම.

c) ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ දැනුම, නොමිලේ පාළු පැළ හා ආයෝජන ආධාර ලබා දීම.

d) ගම්මිරිස් වගාවට කාලගුණයෙන් සිදු වන විපර්යාසවලට අනුහුරු කරවීම සඳහා සුදුසු ජලසම්පාදන ක්‍රම හඳුන්වා දීම.

e) පළිබෝධ/ සත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/ පද්ධති ලෙස විදුලි වැට/ ශබ්ද තරංග විහිදුම් යන්ත්‍ර/ දැල් වැට/ වායු තුවක්කු හෝ වෙනත් උපාංග පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම.

f) ගම්මිරිස් වගාවේ රෝග හා පළිබෝධ පාලනය

g) ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර ගැනීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම.

h) ගම්මිරිස්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කර අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීමට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණ ක්‍රියාවලිය සඳහා පසු අස්වනු තාක්ෂණ උපකරණ වෙනුවෙන් ආයෝජන ආධාර ලබා දීම.

i) ගම්මිරිස් නිෂ්පාදනයන් කාබනික නිෂ්පාදනයන් ලෙස විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම හා කාබනික නිෂ්පාදන අළෙවිකරන හා සාධාරණ වෙළෙඳ ක්‍රමය පිළිබඳ සහතිකකරණය මෙන්ම කාබනික වගාවන්ට අදාළ අනෙකුත් සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් හා ආයෝජන ආධාර ලබා දීම.

j) රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළු වෙනත් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සහ ගොවි සායන, ක්ෂේත්‍ර දින සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම මඟින් ගම්මිරිස් වගාව පිළිබඳ දැනුම ලබා දීම.  

k) ගම්මිරිස් නිෂ්පාදකයන්, අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් මෙන්ම සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කර දීම.

l) අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම.

m) ගම්මිරිස් වගාව පිළිබඳ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks