E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

2134/2026: හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව: සංස්කෘතික මධ්‍යස්ථාන

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) එම මධ්‍යස්ථානවල පරිපාලන ව්‍යුහය (සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික) සැකසී ඇති ‍ආකාරය කවරේද;

(iii) ඉහත මධ්‍යස්ථානවල මූල්‍ය ප්‍රකාශන (ගිණුම් වාර්තා) වාර්ෂිකව විගණනය කරනු ලබන්නේද;

(iv) එම මධ්‍යස්ථාන මහජන භාවිතයට සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද;

(v) බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන රජයේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන්නේද;

(vi) 2025 වර්ෂය තුළ දෙපාර්තමේන්තුව හරහා රජය විසින් හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා වියදම් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත.

              (ii)      අදාළ නැත.

              (iii)      නැත.

              (iv)      අදාළ නැත.

              (v)      නැත.

              (vi)      අදාළ නැත.

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks