E   |     |  

 දිනය: 2026-07-09   පිළිතුර ලබා දී ඇත 

2119/2026: Subject and function of Delimitation Commission

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)            (i)      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සීමා නිර්ණය කොමිෂන් සභාව වෙත පවරා ඇති වගකීම් කවරේද;

            (ii)       2015 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් කවරේද;

(iii) එම කාලය තුළ කොමිෂන් සභාව විසින් ඉටු කරන ලද කාර්යයන් කවරේද;

(iv) ඉහත කාලය තුළ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ වැටුප්, දීමනා, පහසුකම් සහ කාර්යාල කුලී සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i)  කොමිෂන් සභාවේ සේවයේ නියුතු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2015 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සේවක වැටුප් සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(iv) එම කොමිෂන් සභාව ස්ථිර කොමිෂන් සභාවක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks