පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අලුතින් පිහිටුවන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්;
(ii) එම කාර්යාලවල ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්;
(iii) එක් ග්‍රාම සේවා වසමකින් දහසකට අධික ජනගහනයක් සේවා ලබාගන්නා බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගැටලු නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) අලුතින් පිහිටුවන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යාල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතී.
(iii) දහසකට අධික ජනගහනයක් සිටින ග්‍රාම සේවා වසම් මෙන්ම ඊට අඩු ජනගහනයක් සිටින ග්‍රාම සේවා වසම්ද ඇත.
(ආ) නව බඳවා ගැනීම් හා ස්ථාන මාරුවීම් යටතේ කාර්ය මණ්ඩල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට කටයුතු කරන අතර, ජනතාවට අපහසුතාවකින් තොරව සේවා ලබා ගැනීමට හැකි වන පරිදි කාර්යාල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
එමෙන්ම, අධික ජනගහනයක් සිටින ග්‍රාම නිලධාරි වසම් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක සීමා නිර්ණ කමිටුවේ නිර්දේශ මත කටයුතු කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks