පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අමතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්ථාපිත කර ඇති බවත්;
(ii) හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ ප්‍රදේශවල එක් එක් ප්‍රදේශයක 120,000කට ආසන්න ජනතාවක් ජීවත් වන අතර, එම ජනතාවගේ සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා එක් එක් ප්‍රදේශයේ එක් ප්‍රාදේශීය සභාව බැඟින් පමණක් පිහිටා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ප්‍රදේශවල ජන සංඛ්‍යාව අනුව සීමා නිර්ණය කර ප්‍රාදේශීය සභා 02ක් ස්ථාපිත කිරීමේ හැකියාවක් තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්ථාපිත කරලා තිබෙනවා. හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ කියන ප්‍රදේශවල.
(ii) ඔව්.
(ආ) (i) නැත.
ජන සංඛ්‍යාව යනු, පළාත් පාලන ආයතනයක් සංස්ථාපනයේදී සලකා බලනු ලබන එක් සාධකයක් පමණි.
(ii) පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම විද්වත් කමිටුවක් විසින් හඳුන්වා දී ඇති මූලික නිර්ණායක අනුව අංක අමප/17/1521/744/015 හා 2017.07.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබා දී ඇති අනුමැතිය අනුව සිදු කෙරේ. ඒ සඳහා පහත සඳහන් නිර්ණායක භාවිත කරමින් ලකුණු ලබා දීමේ සහ බර තැබීමේ ක්‍රමයක් භාවිත කරනු ලබන අතර, එහිදී යෝජිත ආයතන බල ප්‍රදේශයේ,
1. ජන සංඛ්‍යාව සහ ජන ඝනත්වය
2. නිවාස ප්‍රමාණය සහ ඝනත්වය
3. සේවා සම්පාදනය සහ යටිතල පහසුකම්වල දියුණුව
4. වාණිජ සහ කර්මාන්ත ආයතනවල ව්‍යාප්තිය
5. සේවා නියුක්තිය
6. ස්වයං ජනිත ආදායම යන සාධක සලකා බලනු ලබයි.
ඉහත නිර්ණායක සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව යාවත්කාලීන කරමින් ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික සංඛ්‍යාලේඛන දත්ත වාර්තා මඟින් ලබා ගන්නා අතර, මූලික නිර්ණායක මැනීමට පාදක කර ගත යුතු දර්ශක මොනවාද යන්නත් එකී එක් එක් දර්ශකය අනුව බර තැබිය යුතු ප්‍රතිශතය කවරේද යන්නත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත කමිටු වාර්තාවේ සඳහන්ව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks