පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මේ වනවිට කාර්යමණ්ඩලයේ සේවයේ නියුතු සංඛ්‍යාව කොපමණද;
(ii) එම දෙපාර්තමේන්තුවේ දත්ත ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2019.12.31 දිනට, 2020.01.01 දින සිට 2024.12.31 දක්වා සහ 2025.01.01 දින සිට 2026.04.30 දක්වා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්වා ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) සමස්ත රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) 2025 අයවැයෙන් වැඩි කරන ලද විශ්‍රාම වැටුප් මේ වනවිට සියලුම විශ්‍රාමිකයන්ට හිමි ගන්වා තිබේද;
(iv) නොඑසේ නම්, තවදුරටත් ගෙවීමට ඇති විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව කොපමණද;
(v) එසේ ප්‍රමාද වීමට හේතු සහ එම ගෙවීම් සිදු කිරීමට අපේක්ෂිත කාල වකවානු කවරේද;
(vi) 2026 වර්ෂයට පෙර විශ්‍රාම ගන්වා සිටි පුද්ගලයන් සඳහා ද එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම අදාළ වන්නේද;
(vii) මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමෙන් මූල්‍යමය ප්‍රතිලාභ නොලැබූ විශ්‍රාමිකයන් සංඛ්‍යාව කොපමණද;
(viii) එසේ මූල්‍යමය ප්‍රතිලාභ නොලැබීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු සංඛ්‍යාව ඇමුණුම 01 හැටියට ඉදිරිපත් කරනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශ්‍රාම වැටුප් අංශ වෙත අනුයුක්ත කර ඇති නිලධරයන් ද මීට ඇතුළත් වේ.
(ii) i විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය - SLCERT - සමඟ සම්බන්ධව කටයුතු කරන අතර, අදාළ ආයතනය යටතේ වන "ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය" හරහා පැය 24 ආවරණය වන පරිදි නිරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ අනුව පූර්ව අවදානම හඳුනා ගැනීමේ හැකියාව පවතී.
ii තවද, SLCERT ආයතනය හරහා ලබා දෙන Endpoint Detection and Response - EDR - ලබා ගෙන ඇති අතර, එමඟින් දත්ත ආරක්ෂාව පිළිබඳව පරීක්ෂාව SLCERT ආයතනය හරහා සිදු කරනු ලැබේ.
iii තවද, මේ වනවිට දෙපාර්තමේන්තුගත දත්ත පද්ධති ප්‍රතිෂ්ඨාපන අවස්ථාව සඳහා backup management solution ස්ථාපිත කර පරීක්ෂණ තත්ත්වයේ පවතී.
(ආ) (i)
|
කාල සීමාව |
විශ්‍රම වැටුප් ගෙවමින් පවතින විශ්‍රාමිකයන් සංඛ්‍යාව |
|
2019.12.31 දිනට |
554,613 |
|
2020.01.01 සිට 2024.12.31 දක්වා |
159,512 |
|
2025.01.01 සිට 2026.04.30 දක්වා |
28,782 |
(ii) සියයට 1.3යි. මෙම ගණනය කිරීම 2025 වර්ෂයට අදාළව සිදු කරන ලදී.
2025 වර්ෂයේ දළ - රුපියල් බිලියන 32,751
ජාතික නිෂ්පාදිතය (ඇමුණුම 02)
2025 වර්ෂය සඳහා - රුපියල් බිලියන 444.5
විශ්‍රාම වැටුප් වියදම
ගණනය කිරීම - 444.5 x 100
32751
ඒ අනුව තමයි සියයට 1.3ක සංඛ්‍යාව ලැබෙන්නේ.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(iii) 2025 අය වැය යෝජනා මඟින් පහත සඳහන් කාණ්ඩ දෙකට අදාළව විශ්‍රාම වැටුප් සංශෝධනය සිදු කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
(ඒ) 2025 අය වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප් සංශෝධනය 2025.01.01 දින ද සේවයේ සිට ඉන් පසුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධරයන්ගේ විශ්‍රාම වැටුප මේ අනුව සංශෝධනය කෙරේ.
(බී) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2018.01.01, 2019.01.01 සහ 2020.01.01 දිනට හිමි විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය.
මෙය අදියර 03ක් යටතේ සිදු කෙරේ.
(සී) ඉහත (ඒ) හා (බී) යටතේ සඳහන් කර ඇති කාණ්ඩවලට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීමේ ප්‍රගතිය පහත පරිදි වේ.
(ඒ) 2025 අය වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනය
(බී) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 හි උපලේඛන II හි 2018.01.01 දිනට හිමි විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම
(iv) 2025.01.01 දිනෙන් පසුව 2026.06.30 දින දක්වා සේවයෙන් විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් 8,516 දෙනෙකු වෙත 2027.01.01 දිනට විශ්‍රාම වැටුප සංශෝධනය කර හිමිගැන්විය යුතුව ඇත.
(v) මෙම විශ්‍රාමිකයන් පිළිබඳ තොරතුරු ඔවුන් අවසන් වරට සේවයේ යෙදී සිටි ආයතන විසින් දත්ත පද්ධතිය මඟින් තහවුරු කිරීම සිදු කළ යුතුය. එම තොරතුරු තහවුරු කිරීමෙන් පසුව එළඹෙන මාස දෙකක කාලසීමාව තුළ ගෙවීම් කිරීමට අපේක්ෂිතය.
(vi) (ඒ) 2025 අය වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනය සඳහා හිමිකම් ලබන්නේ 2025.01.01 දින ද සේවයේ යෙදී සිට ඉන් පසුව විශ්‍රාම ගනු ලබන රාජ්‍ය නිලධරයන්ය.
(බී) 2025.07.01 දින සිට ක්‍රියාත්මක කරන ලද විශ්‍රාම වැටුප් සංශෝධනයේ පළමු අදියර සඳහා හිමිකම් ලබන්නේ 2018.01.01 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ නිලධරයන්ය.
2026.07.01 දින සිට ක්‍රියාත්මක කරන ලද විශ්‍රාම වැටුප සංශෝධනයේ දෙවන අදියර සඳහා හිමිකම් ලබන්නේ 2019.01.01 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ නිලධරයන්ය.
2027.07.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප සංශෝධනයේ තුන්වන අදියර සඳහා හිමිකම් ලබන්නේ 2020.01.01 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ නිලධරයන්ය.
(vii) 2027.07.01 දින වන විට 2020.01.01 හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 හි උපලේඛන II හි 2020.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත විශ්‍රාම වැටුප හිමිවනු ඇත. 2020.01.01 දිනෙන් පසු 2025.01.01 දින තෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින් විශ්‍රාම ගොස් ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි අදියර 5ක වැටුප් වැඩිවීම් ලබාගැනීමෙන් පසුවය. ඒ අනුව 2025.01.01 දින තෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 හි 2020.01.01 දිනට හිමි වැටුප මත විශ්‍රාම වැටුප් ලබමින් සිටී. එබැවින් 2025.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලබා ඇති සියලුම විශ්‍රාමිකයින් 2027.07.01 දින වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016හි 2020.01.01 දිනට හිමි වැටුප මත විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් බවට පත් වේ. එබැවින් එම විශ්‍රාමිකයින් අතර විශ්‍රාම වැටුප් විෂමතාවක් නොපවතින බව සඳහන් කරමි.
2025.01.01 දිනද සේවයේ යෙදී සිට ඉන් පසුව විශ්‍රාම ගනු ලබන නිලධරයන්, 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධන අනුව සංශෝධිත විශ්‍රාම වැටුප් ලැබීම සඳහා හිමිකම ලබයි.
ඉහත පරිදි විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා හිමිකම් ලබන ආකාරය අනුව විශ්‍රාමිකයන් වෙත සංශෝධිත විශ්‍රාම වැටුප හිමිගන්වන අතර එක් එක් විශ්‍රාමිකයා හිමිකම් ලබන ආකාරය අනුව ඔවුන් මූල්‍ය ප්‍රතිලාභ ලබා ඇති බව සඳහන් කරමි.
(viii) අදාළ නැත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks