පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තිබෙන අමාත්‍යාංශයට අයත් තානායම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම තානායම්වල භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම තානායම් බදු පදනම යටතේ ලබාදී ඇති කාලසීමාව කොපමණද;
(iv) තානායම් බදු පදනම මත ලබාගෙන ඇති පුද්ගලයින් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වැල්ලවාය, ඇල්ලපාරේ පිහිටි තානායම අතුරු බදුදී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම අතුරු බදුකරු කවුරුන්ද;
(iii) එම තානායම බදුගෙන ඇති මුල් බදුකරු එහි ඇති දේපළ අයථා ලෙස පරිහරණය කරමින් තේක්ක ගස් 08ක් අවස්ථා දෙකකදී කිසිදු අවසරයකින් තොරව කපා විකුණා ඇති බව දන්නේද;
(iv) ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දෙකකි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන ගිය තානායම් 38ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත 1998.12.24 දිනැති ගැසට් පත්‍රය මඟින් පවරන ලදී. එම තානායම් අතරින් 2ක් පමණක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇත.
(ii) 1. වැල්ලවාය පැරැණි තානායම - අක්කර 00 රූඩ් 02 පර්චස් 09
2. වැල්ලවාය ඉන් - Inn - තානායම (ඇල්ල පාර පිහිටි) - අක්කර 01 රූඩ් 03 පර්චස් 17.28
(iii) 1. වැල්ලවාය පැරැණි තානායම - 2008 වසරේ සිට 2035 වසර දක්වා අවුරුදු 27ක කාල පරිච්ඡේදයක් සඳහා
2. වැල්ලවාය ඉන් - Inn - තානායම (ඇල්ල පාර පිහිටි) - 2008 වසරේ සිට 2028 වසර දක්වා අවුරුදු 20ක කාල පරිච්ජේදයක් සඳහා
(iv) 1. වැල්ලවාය පැරණි තානායම - ජයන්ති රාජපක්ෂ මහත්මිය, දිඹුලමුරෙයි, වැල්ලවාය.
2. වැල්ලවාය ඉන් - Inn - තානායම (ඇල්ල පාර පිහිටි) - හේමා අයිරාංගනී විතානගේ මහත්මිය, නො. 565/12, ගල්ලෙදන්දුගොඩ, හොරණ.
(ආ) (i) 1. ඇල්ල පාරේ පිහිටි පැරැණි තානායම අතුරු බදු දී ඇති බව වාර්තා වී නොමැත.
2. ඇල්ල, වැල්ලවාය පාරේ පිහිටි වැල්ලවාය ඉන් - Inn - තානායම ද අතුරු බදු දී ඇති බව වාර්තා වී නොමැත.
(ii) 1. අදාළ නොවේ.
2. අදාළ නොවේ.
(iii) 1. ඇල්ල වැල්ලවාය පැරැණි තානායමේ තෙක්ක ගස් 8ක් කැපීම පිළිබඳ වාර්තා වී නොමැත.
2. ඇල්ල වැල්ලවාය පාරේ පිහිටි වැල්ලවාය ඉන් - Inn - තානායමේ බදුකරු තේක්ක ගස් 8ක් කැපීම පිළිබඳව වාර්තා වී නොමැත. එක් අවස්ථාවකදී එනම්, 2025.04.02 දිනට ආසන්න දිනයකදී තේක්ක ගස් 2ක් කපා ඉවත් කළ බව දනී.
(iv) ඉහත (iii) 2 පිළිතුරෙහි සඳහන් ඇල්ල වැල්ලවාය ඉන් - Inn - තානායමේ ඇති තේක්ක ගස් 2 කැපීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ශීර්ෂගත කරුණට අදාළව වැල්ලවාය පොලිස් ස්ථානය මඟින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 77324 යටතේ සංජය ඉරසිංහ මහතාට (ඇල්ල පාරෙහි පිහිටි වැල්ලවාය ඉන් - Inn - තානායම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම්ගතව සිටින හේමා අයිරාංගනී විතානගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා) විරුද්ධව නඩු පවරා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks