E   |   த   |  

 දිනය: 2026-09-24   පිළිතුර ලබා දී ඇත 

2097/2026: Establishment of Teacher training centers

ගරු නීතිඥ සරත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන ‘අග්‍රගන්‍ය ගුරු වෘත්තීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන’ කවරේද;

            (ii)       මොනරාගල දිස්ත්‍රික්කයේ, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෙවෙල්වෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, වෙල්ලස්ස ජාතික පාසල ආසන්නයේ ඇති මධ්‍යස්ථානය මේ වනවිට භාවිතයට ගනු ලබන්නේද;

(iii) එසේ නම්, එය කුමන කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන්නේද;

(iv) එම මධ්‍යස්ථානය පාලනය කරන අමාත්‍යාංශය/ආයතන කවරේද;

(v) මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දරා ඇති මුළු පිරිවැය කොපමණද;

(vi) එම මධ්‍යස්ථානය මඟින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා කවරේද;

(vii)  පසුගිය වර්ෂ 02 තුළ එම මධ්‍යස්ථාන මඟින් පුහුණුව ලැබූ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(viii) එම ආයතනයෙන් ලබාදෙන සේවාවන් ඵලදායි මට්ටමින් පවතින්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks