පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ සරත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන ‘අග්‍රගන්‍ය ගුරු වෘත්තීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන’ කවරේද;
(ii) මොනරාගල දිස්ත්‍රික්කයේ, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෙවෙල්වෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, වෙල්ලස්ස ජාතික පාසල ආසන්නයේ ඇති මධ්‍යස්ථානය මේ වනවිට භාවිතයට ගනු ලබන්නේද;
(iii) එසේ නම්, එය කුමන කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන්නේද;
(iv) එම මධ්‍යස්ථානය පාලනය කරන අමාත්‍යාංශය/ආයතන කවරේද;
(v) මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දරා ඇති මුළු පිරිවැය කොපමණද;
(vi) එම මධ්‍යස්ථානය මඟින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා කවරේද;
(vii) පසුගිය වර්ෂ 02 තුළ එම මධ්‍යස්ථාන මඟින් පුහුණුව ලැබූ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(viii) එම ආයතනයෙන් ලබාදෙන සේවාවන් ඵලදායි මට්ටමින් පවතින්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-24
අසන ලද්දේ
ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන අග්රගණ්ය ගුරු වෘත්තීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන ගණන 03කි.
• යාකරවත්ත
• මන්නාරම
• බිබිල
(ii) මෙම මධ්‍යස්ථාන තුනම සක්රියව භාවිතයට ගනු ලැබේ.
(iii) කලාපය, පළාත, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ක්‍රියාත්මක කරන සිසු, ගුරු, විදුහල්පති පුහුණු වැඩසටහන් - නේවාසික හා එසේ නොවන- සඳහා භාවිත කෙරේ.
(iv) මෙම සියලු මධ්‍යස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිපාලනය වනවා.
(v) වෙනත් ආයතනයක් වෙතින් පවරා ඇති නිසා ඉදිකිරීම් පිරිවැය සම්බන්ධයෙන් දැනට වාර්තාවක් ලබා ගන්න බැහැ. අවශ්ය නම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ හැකියි.
(vi) මොනරාගල දිස්ත්රික්කයට තිබෙන එකම නේවාසික පුහුණු මධ්‍යස්ථානය බැවින් සිසු, ගුරු, විදුහල්පති සඳහා සියලු අධ්යාපනික පුහුණු වැඩසටහන්, ධාරිතා සංවර්ධන වැඩසටහන්, ශිෂ්ය නායක වැඩමුළු සහ කඳවුරු ක්‍රියාත්මක වනවා. මේ වන විට මොනරාගල දිස්ත්රික්කයටම ව්යවහාරික සම්පත් මධ්‍යස්ථානය ලෙස පවතින මෙම ආයතනය නව අධ්‍යාපන ප්රතිසංස්කරණවලට අදාළව මාර්ගගත ගුරු පුහුණුව ආරම්භ කිරීම සඳහා සූදානම් කර ඇත.
(vii) ගුරුවරුන් 1,000කට අධික සංඛ්යාවක් සහ සිසුන් 1,000කට අධික සංඛ්යාවක් පුහුණු කර ඇත. ඒ මධ්යස්ථානයේ එම වාර්තා තිබෙනවා.
(viii) • මධ්යස්ථානයේ පවතින භෞතික සම්පත් ප්රමාණවත් පරිදි නොතිබුණත්, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය ඒකාබද්ධව පවත්වන වැඩසටහන් ඵලදායී මට්ටමින් පැවැත්වෙනවා.
• ඒ වාගේම යාකරවත්ත, මන්නාරම මධ්යස්ථානවලද මෙසේ පළාත් සහ කලාප ඒකාබද්ධව සිසුන් සහ ගුරු, විදුහල්පති සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks