E   |   த   |  

 දිනය: 2026-09-10   පිළිතුර ලබා දී ඇත 

2096/2026: Construction of Pailekanda Tank in Monaragala

ගරු නීතිඥ සරත් කුමාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගල්ගමුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පයිලේකන්ද වැවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;

(ii) එම යෝජිත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුළු පිරිවැය කොපමණද;

(iii) ව්‍යාපෘතිය සඳහා රජය විසින් මේ වනවිට මුදල් ප්‍රතිපාදන වැය කර තිබේද;

(iv) එසේ නම්, මේ වනවිට වැය කර ඇති මුළු මුදල කොපමණද;

(v) ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් කටයුතුවලින් මේ වනවිට අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-10

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks