පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ සරත් කුමාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගල්ගමුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පයිලේකන්ද වැවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම යෝජිත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුළු පිරිවැය කොපමණද;
(iii) ව්‍යාපෘතිය සඳහා රජය විසින් මේ වනවිට මුදල් ප්‍රතිපාදන වැය කර තිබේද;
(iv) එසේ නම්, මේ වනවිට වැය කර ඇති මුළු මුදල කොපමණද;
(v) ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් කටයුතුවලින් මේ වනවිට අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-10
අසන ලද්දේ
ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 මැයි මස.
(ii) මුලින්ම ඇස්තමේන්තුවේ තිබෙන්නේ රුපියල් මිලියන 82.20ක්. පසුව ප්රතිශෝධිත ඇස්තමේන්තුවේ රුපියල් මිලියන 167.26ක් ලෙස සඳහන් වනවා.
(iii) රජයේ ප්‍රතිපාදන වැය කර තිබෙනවා.
(iv) මුළු මුදල ලෙස රුපියල් මිලියන 70.5ක් ඒ ව්‍යාපෘතිය සඳහා දැනට වියදම් කර තිබෙනවා.
(v) මේ වන විට ව්‍යාපෘතියේ සියයට 80ක ප්රමාණයක ඉදිකිරීම් අවසන් කරලා භෞතික ප්රගතිය විධියට ඉදිරිපත් කර තිබෙනවා.
ව්‍යාපෘතියේ එක් එක් වැඩ සඳහා ප්රගතිය විස්තරාත්මකව ගත්තාම, පිටවාන සියයට 95ක් ඉදිකර අවසන් කර තිබෙනවා, වම් සොරොව්ව සියයට 90ක් ඉදිකර අවසන් කර තිබෙනවා, දකුණු සොරොව්වේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නැහැ, වැව් බැම්ම සියයට 50ක් ඉදිකර අවසන් කර තිබෙනවා.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks