logo

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2092/2026: Establishment of Gami diriya entities in Rathnapura District

 ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද ‘ගැමිදිරිය’ සමාගම් සංඛ්‍යාව කොපමණද;

            (ii)       වර්තමානයේ සක්‍රිය සමාගම් සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනවිට සක්‍රිය සහ අක්‍රිය සමාගම්වල නිශ්චල, චංචල සහ මූල්‍ය වත්කම්වල භාරකාරත්වය දරන්නේ කවුරුන්ද;

(iv) එම සමාගම්වල වත්කම් සහ ගනුදෙනු වාර්ෂිකව විගණනය කරන්නේද;

(v) එසේ නම්, එම විගණන බලධරයා කවුරුන්ද;

(vi) එම සමාගම් නිලධාරින්ගේ අක්‍රමිකතාවලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-23

අසන ලද්දේ

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks