පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ‘චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේද විශේෂිත රෝහල’ ආරම්භ කළ වර්ෂය සහ දිනය කවරේද;
(ii) එම රෝහල සහ එහි සේවා අංශ ස්ථානගත කිරීම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සිදුකර තිබේද;
(iii) රෝගී සත්කාර සේවාවන් සඳහා ස්ථානගත කර ඇති අංශ කවරේද;
(iv) එක් එක් සත්කාර අංශය මඟින් ලබාදී ඇති සේවාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම රෝහලේ ස්ථාපිත කර ඇති රසායනාගාර වර්ග;
(ii) රෝහල ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පරීක්ෂණ රසායනාගාර මඟින් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව සහ පර්යේෂණ කටයුතු සඳහා ස්ථාපිත කර ඇති රසායනාගාර මඟින් සිදුකර ඇති පර්යේෂණ සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) චීන රජය විසින් 2021.02.31 දින රෝහල භාර දුන් අතර 2021.06.11 දින සමාරම්භක උත්සවයෙන් පසු 2021.07.26 දින සායනික සේවා ආරම්භ කර ඇත.
(ii) පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල චීන රජය වෙතින් අප රට වෙත ලැබූ ප්‍රදානයක් වන අතර, චීන රජය විසින් පත් කර එවන ලද දූත මණ්ඩලයක් විසින් සිදුකරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව රෝහල ඉදිකිරීම සැලසුම් කොට ඇත. එම ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඇමුණුම A වශයෙන් සභාගත* කරමි.
(iii) පරිපාලන කටයුතු හා රෝහල් සේවා සඳහා අංශ 32ක් ස්ථානගත කර ඇත. එය ඇමුණුම B මඟින් දක්වා ඇත. ඇමුණුම B සභාගත* කරමි.
(iv) ඇමුණුම B මඟින් දක්වා ඇත.
(ආ) (i) එම රෝහලේ ස්ථාපිත කර ඇති රසායනාගාර වර්ග:
Biochemistry
Histopathology
Hematology
(ii)
|
Years Components |
2021 (2021.07.06) දින සිට |
2022 |
2023 |
2024 |
2025 |
2026 (2026.05.31) දක්වා |
|
Laboratory tests (Total) |
17,594 |
142,769 |
234,265 |
311,945 |
354,648 |
160,786 |
|
Mobile Laboratory tests (Total) |
- |
- |
12,572 |
19,155 |
25,716 |
12,835 |
(ඇ) පැන නොනඟි.
පිළිතුරු දුන් දිනය
2026-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks