පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ජේ.සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රාජ්‍ය නිලධාරින්ගේ හැකියාවන්, කුසලතා සහ ආකල්ප වර්ධනය සඳහා විදේශීය පුහුණු අවස්ථා වැදගත් බව පිළිගන්නේද;
(ii) 2020 වර්ෂයේ සිට මේ දක්වා විදේශීය පුහුණු අවස්ථා සඳහා සහභාගිවූ රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ එම පුහුණුවීම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) එම විදේශීය පුහුණු අවස්ථා සියලු රාජ්‍ය සේවකයන් අතර සාධාරණ ලෙස බෙදී යන පරිදි ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-24
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. රාජ්‍ය නිලධාරින්ගේ පවතින වෘත්තීය හැකියාවන්, කුසලතා සහ ආකල්ප වර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාව වෙත සැපයීම සඳහා විදේශීය පුහුණු අවස්ථා ලබා දීම ඉතා වැදගත් සහ කාලීන අවශ්‍යතාවක් බව පිළිගනු ලැබේ.
(ii) සමස්ත රාජ්‍ය සේවය සඳහා වන විදේශීය පුහුණු පාඨමාලා මූලික වශයෙන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසිනි.
ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ලබා ගන්නා ලද 2020 වර්ෂයේ සිට 2026 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් රාජ්‍ය නිලධාරින්ගේ විදේශ පුහුණු පාඨමාලා පිළිබඳ විස්තර හා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා වියදම් විස්තරය පහත පරිදි වේ. එම නිලධාරින්ගේ නම්, තනතුරු සහ සහභාගී වූ රට ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම ඇතුළත් සීඩී තැටිය** ඉදිරිපත් කර ඇත.
|
වර්ෂය |
විදේශ පුහුණු සඳහා සහභාගි වූ නිලධාරින්ගේ සංඛ්‍යාව |
දරන ලද වියදම රුපියල් (මිලි.) |
|
2020 |
957 |
502.32 |
|
2021 |
1150 |
1,207.05 |
|
2022 |
2301 |
973.68 |
|
2023 |
1260 |
1,331.11 |
|
2024 |
1745 |
1,272.33 |
|
2025 |
2006 |
1,167.99 |
|
2026 මේ දක්වා |
1292 |
479.89 |
|
එකතුව |
10711 |
6,934.37 |
(iii) විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන විදේශ පුහුණු පාඨමාලා අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු අතර බෙදා දීම එම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි.
ඇතැම් විදේශ පුහුණු පාඨමාලා සඳහා නිලධාරින් තෝරා ගැනීම අදාළ මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල විසින් සිදු කරනු ලබන අතර ඇතැම් පුහුණු පාඨමාලා සඳහා නිලධාරින් තේරීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හඳුනාගනු ලැබූ නිශ්චිත ක්‍රමවේදයක් හරහා සිදු කරනු ලබයි.
(ආ) ඉහත (අ) (i), (ii), (iii) පැහැදිලි කිරීම මත මෙම ප්‍රශ්නය තවදුරටත් ඇති නොවන බව නිරීක්ෂණය වේ.
පිළිතුරු දුන් දිනය
2026-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks