E   |     |  

 දිනය: 2026-06-09   පිළිතුර ලබා දී ඇත 

2059/2026: G.C.E. O/L/ examination results in main religion subjects for year 2015 to 2025)

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)      වර්ෂ 2015 සිට 2025 දක්වා එක් එක් වර්ෂය තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගයේ —

              (i)      බුද්ධ ධර්මය, හින්දු ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ආගම විෂයයන් සඳහා පෙනී සිටි විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව;

(ii) එම විෂයයන් අසමත්වූ විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව;

(iii) ඉහත (ii)හි සඳහන් සංඛ්‍යාව, මුළු අපේක්ෂකයන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස;

එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකාවේ පාසල් තුළ ආගමික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-06-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks