E   |     |  

 දිනය: 2026-06-09   පිළිතුර ලබා දී ඇත 

2058/2026: Birth rate for year 2015 to 2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)      වර්ෂ 2015  සිට 2025  දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ —

              (i)      වාර්තාවී ඇති දරු උපත් සංඛ්‍යාව;

             (ii)      දරු උපත් සංඛ්‍යාවේ අඩුවීම එක් එක් වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යාමට හඳුනාගෙන ඇති හේතු කවරේද;

(ii) දරු උපත් සංඛ්‍යාව පවත්වාගෙන යායුතු ප්‍රශස්ත අගය කොපමණද;

(iii) දරු උපත් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා දරුවන් අපේක්ෂා කරන පවුල් වෙත යම් සහන හෝ වරප්‍රසාද ලබාදීමට අපේක්ෂා කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-06-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks