පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ බොහෝ වෙළෙඳසැල්වල සාධාරණ පදනමකින් තොරව වෙළෙඳුන් විසින් තම අභිමතය පරිදි මිල තීරණය කරමින් භාණ්ඩ අලෙවි කරනු ලබන බවත්;
(ii) මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව අසාධාරණයට ලක්වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මෙවැනි වෙළෙඳසැල් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යොදවා ඇති නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) මෙලෙස අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම පාලනය කිරීම සඳහා අධිකාරිය සතුව වැඩපිළිවෙළක් තිබේද;
(iii) නොඑසේ නම්, එවැනි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
ඇතැම් වෙළෙඳසැල් සම්බන්ධයෙන් එවැනි තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් නීතිමය පියවර ගනිමින් සිටී.
(ආ) (i) 2026.07.02වන විට විමර්ශන නිලධාරින් 272ක් දිවයින පුරා යොදවා ඇත.
මේ නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ කරලා දිස්ත්‍රික් ලේකම්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවට පත් කර තිබෙනවා.
(ii) ඔව්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දෛනිකව සහ විශේෂ උත්සව සමයන්හිදී දිවයින පුරා අඛණ්ඩව වෙළෙඳ පොළ වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි. ඊට අමතරව, පාලන මිලක් නියම කර ඇති භාණ්ඩ සඳහා එම මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම පිණිස විශේෂ වැඩ පිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙනවා.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks