logo

02

E   |     |  

 දිනය: 2026-07-09   පිළිතුර ලබා දී ඇත 

2052/2026: "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් හානි වූ කොළඹ-මහනුවර-නාවලපිටිය දුම්රිය මාර්ගය: ප්‍රතිසංස්කරණය

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       කොළඹ සිට මහනුවර සහ නාවලපිටිය දක්වා මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදු නොවන බව දන්නේද;

            (ii)       ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ හානිවූ ස්ථාන සංඛ්‍යාව කොපමණද;

‍(iii) එම හඳුනාගත් ස්ථාන අතරින් සිදුවී ඇති හානිය ඇස්තමේන්තුගත කර ඇති ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) එම හානි සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(v) ආපදාවට ලක්වූ සියලු ස්ථාන පිළිසකර කර සංවර්ධනය කිරීමට අපේක්ෂිත කාලසීමාව කවරේද;

(vi) මාස 06ක් ඇතුළත එම දුම්රිය මාර්ගය පිළිසකර කර මහනුවර දක්වා දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ කිරීමට හැකියාව තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-09

අසන ලද්දේ

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      කොළඹ සිට නාවලපිටිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ස්ථාන 136කට හානි සිදු වී ඇත.

             (iii)      හානිය ඇස්තමේන්තු කර ඇති ස්ථාන සංඛ්‍යාව 136කි.

             (iv)      හානියට පත් ස්ථාන 136න් ස්ථාන 122ක දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇත. යථා තත්ත්වයට පත් කිරීමට ඇති ඉතිරි ස්ථාන 14න් එක් ස්ථානයක කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිදු කරනු ලබන අතර, තවත් ස්ථානයක කටයුතු CECB මඟින් සිදු කරනු ලබයි. ඉතිරි ස්ථාන 12 NBRI ආයතනය සමඟ එක්ව සැලසුම් සකස් කර අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. විස්තර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(v) 2027 වර්ෂයේ මැද භාගය වන විට පිළිසකර කර අවසන් කිරීමට සැලසුම් කර ඇත.

(vi) මෙම වසර අවසාන වීමට ප්‍රථම රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks