logo

බලන්න

02

E   |     |  

 දිනය: 2026-06-25   පිළිතුර ලබා දී ඇත 

2051/2026: රජයට පවරාගත්/ පවරා ගැනීමට නියමිත වතු සෞඛ්‍ය මධ්‍යස්ථාන: නුවරඑළිය දිස්ත්‍රික්කය

.

අසන ලද දිනය

2026-06-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ වතු සෞඛ්‍ය මධ්‍යස්ථාන 133ක් නිල වශයෙන් ලේඛනගත කර ඇත. එය ඇමුණුම 01හි** සඳහන් වේ.

           (ii)      07කි.

•     ආගරපතන

•     ඩයගම බටහිර

•     ‍ෆ්‍රෝටොෆ්ට්

•     මූලෝය

•     ගෝනපිටිය

•     හයි ෆොරස්ට්

•     උතුරු මැදකුඹුර

             (iii)      2022.02.01 දිනැති අමප/21/2177/309/127 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුකූලව හඳුනාගත් වතු සෞඛ්‍ය ආයතන 450ක් අදියර කිහිපයක් යටතේ රජයට පවරා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. එහි පළමු අදියර වශයෙන් ප්‍රමුඛතා පදනම මත ආයතන 59ක් (ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 57ක් සහ 'සී' කාණ්ඩයේ ප්‍රාදේශීය රෝහල් 02ක්) පවරා ගැනීමට නියමිතය.

මෙම පළමු අදියර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වතු සෞඛ්‍ය ආයතන 13ක් ඇතුළත් වේ. එම ආයතන රජයට අත් පත් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.

ඒ අනුව, රජයට පවරා ගැනීමට නියමිත නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වතු සෞඛ්‍ය ආයතන 13කි. එය ඇමුණුම 02හි** දක්වා ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-06-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks