logo

E   |     |  

 දිනය: 2026-06-25   පිළිතුර ලබා දී ඇත 

2040/2026: සමුපකාර ඉන්ධන පිරවුම්හල් මඟින් අළෙවි කරන ඉන්ධන: වැට් බදු ගෙවීම

.

අසන ලද දිනය

2026-06-25

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      297කි.

              (ii)      ඔව්.

            (iii)      ඉන්ධන වර්ග බෙදා හරින බෙදුම්හල් වර්ග දෙකක් තිබෙනවා.

ඉන්ධන වර්ගය

බෙදුම්කාරිත්වය සංස්ථාව සතු වන විට කොමිස් මුදල (රුපියල්)

බෙදුම්කාරිත්වය සමිතිය සතු වන විට කොමිස් මුදල (රුපියල්)

පෙට්‍රල්

8.73

10.15 - 10.75

ඩීසල්

6.60

8.00 - 8.62

භුමිතෙල්

5.00

5.70

                        ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2026.05.08 දින නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 1126 අනුව සැපයුම් මිලෙහි වෙනසක් සිදු වේ.

(iv) අදාළ සමුපකාර සමිතිය.

(ආ) (i) ඔව්.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත අනුව වාර්ෂික පිරිවැටුම් මිලියන 60 ඉක්මවන ඉන්ධනහල් වැට් සඳහා ලියාපදිංචි විය යුතුය. ඒ අනුව දිවයින පුරා සමුපකාර සමිති සතුව පවතින ඉන්ධනහල් යම් ප්‍රමාණයක් මේ වන විටත් වැට් සඳහා ලියාපදිංචි වී ‍ගෙවීම් කටයුතු සිදු කරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම තුළින් අනෙකුත් ඉන්ධනහල් පවතින සමුපකාර සමිති දැනුවත් කර වැට් සඳහා ලියාපදිංචි වී අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ඉන්ධන මිලදී ගැනීමේදී අදාළ සමිති විසින් ගෙවිය යුතු වැට් මුදල ගැනුම් ඉන්වොයිසය තුළින්ම ගෙවීමට කටයුතු කරන අතර පිරිවැටුම මිලියන 60 ඉක්මවන අවස්ථාවේදී අදාළ ගණනය කිරීම් සිදු කර ගෙවීම් කටයුතු සිදු කරයි.

(ii) පවත්වාගෙන යෑමේ අවදානමක් පවතී.

(iii) ඉදිරියේදී ඉන්ධනහල් පවතින සමුපකාර සමිති සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට නියමිතය.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උපාලි සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks