E   |     |  

 දිනය: 2026-06-09   පිළිතුර ලබා දී ඇත 

2039/2026: සමුපකාර ග්‍රාමීය බැංකුවල රන් භාණ්ඩ උකස් ගනුදෙනු: බලපත්‍රය

.

අසන ලද දිනය

2026-06-09

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

     උකස් නියෝජිත ධුරය අත්හිටුවීමට කටයුතු කර ඇති බව මහජන බැංකුවේ අංක: නි.සාමා./ජෙ.කළ./කේ හා  2024.06.07 දිනැති ලිපිය මඟින් දන්වා ඇත.

                        ඔබතුමා ප්‍රශ්නයේ දාලා තිබුණේ අවලංගු කළේ 2026දී කියලා.  ඒක 2024 විය යුතුයි, ගරු මන්ත්‍රීතුමා.

            (iii)      මෙතෙක් වෙනත් ආයතනයකට පවරා නැත.

(iv) ඔබතුමා මතු කරන කරුණට අදාළව වාර්තා වී නොමැත.

(v) 2026.05.06 දින අමාත්‍යාංශයේදී සභාපතිතුමා ඇතුළු මහජන බැංකු නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී මේ කරුණු ඉදිරිපත් කළා. මේ පිළිබඳව ඉල්ලීමක් නැවත ඉදිරිපත් කරලා තිබෙනවා. ඉදිරියේදී ඔවුන් අපට ඒ පිළිබඳ  වාර්තාවක්  කරුණු සහිතව  ඉදිරිපත් කරන්නම් කියා තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks