පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුජීව දිසානායක මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආරම්භ කළ වර්ෂය කවරේද;
(ii) මේ වනවිට එම මණ්ඩලයට අයත් මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) මණ්ඩලයට අයත් ඉඩම් මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) හන්තාන රක්ෂිතය තුළ ඇති මණ්ඩලය සතු මුළු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(ii) එම රක්ෂිතය තුළ උකුවෙල වත්ත නමින් ඉඩමක් පිහිටා තිබේද;
(iii) බලංගොඩ ප්‍රදේශයේ ඉඩමක් වෙනුවෙන් හන්තාන රක්ෂිතයේ පිහිටි එම ඉඩම පවරාදීමක් සිදුකර තිබේද;
(iv) එසේ නම්, එම ඉඩමේ වර්තමාන හිමිකරු කවුරුන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලය 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනත යටතේ 1976 පෙබරවාරි මස 06වන දින නිකුත් කරන ලද 199/1 M දරන ගැසට් පත්‍රය මඟින් 1976 වර්ෂයේ පිහිටුවා ඇත.
(ii) ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතුව ඉඩම් හෙක්ටෙයාර 142,572.67ක් පවතී. එම ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටෙයාර 122,367.86ක් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත පවරා දී ඇති අතර, හෙක්ටෙයාර 12,756.52ක් ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ඍජුව පාලනය කරනු ලබයි. තවද, හෙක්ටෙයාර 1,867.36ක ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නැවත පවරාගෙන ඇත. ඉතිරි ඉඩම් ප්‍රමාණය වෙනත් පාර්ශ්ව වෙත බදු පදනම මත ලබා දීම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ පාලනය යටතට පවරා දීම, රජය විසින් අත් පත් කර ගැනීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇත.
(iii) ඔව්.
හෙක්ටෙයාර 22,664.38ක් මහනුවර දිස්ත්‍රික්කයේ මණ්ඩලය සතු වතු ඉඩම් පවතී.
(ආ) (i) 2010 පෙබරවාරි 17 දින නිකුත් කරන ලද අංක 1641/28 දරන ගැසට් පත්‍රය මඟින් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය පිහිටුවා ඇති අතර, හන්තාන වතුයායෙන් මෙම කලාපයට අයත් වන ඉඩම් ප්‍රමාණය මැනුම් කර නොමැත.
(ii) උකුවෙල වත්ත සම්බන්ධයෙන් දැනුවත් නොමැත. උඩුවෙල වතුයායේ, එනම් මහනුවර - ගලහ පාරෙන් දකුණුපස කොටසක් මෙම හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට අයත්ය. උඩුවෙල වතු යායේ හෙක්ටෙයාර 735ක් පවතී.
(iii) බලංගොඩ ප්‍රදේශයේ රාස්සගල වත්තේ ඉඩම් කොටසක් වෙනුවෙන් හන්තාන රක්ෂිත වතු යායෙන් අක්කර 43යි, රූඩ් 1යි, පර්චස් 16කින් යුත් ඉඩම් කොටසක් පවරා දීමක් 2004 වසරේදී සිදු කර ඇත.
එම පවරා දුන් ඉඩම් කොටස 2010.02.17 දින නිකුත් කරන ලද 1641/28 දරන ගැසට් පත්‍රය මඟින් හන්තාන වතු යායේ අධිසංවේදී කලාපයට ප්‍රකාශ කර ඇති හන්තාන වතු යායේ උඩුවෙල වතු යායේ ඉඩම් ප්‍රමාණයක් බවට නිශ්චිතව නැතත් ඒ සම්බන්ධයෙන් මතයක් පවතී.
(iv) චාමිනී කිරිඇල්ල සහ පිලිප් ශාන්තිකුමා මහවලතැන්න ජයවර්ධන යන අය වෙත මෙම ඉඩම් පවරා දීම සිදු වී ඇති අතර, වර්තමාන හිමිකරුවන් සම්බන්ධයෙන් දැනුවත් වීමක් නැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks