E   |     |  

 දිනය: 2026-06-25   පිළිතුර ලබා දී ඇත 

2037/2026: ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීම: අරමුණු

.

අසන ලද දිනය

2026-06-25

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම පිණිස වෙළෙඳ පොළක් සමඟින් අවශ්‍ය වෙළෙඳ පොළ යටිතල ව්‍යුහය සහ පහසුකම් සැපයීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන දැරිය හැකි සාධාරණ මිලට පාරිභෝගිකයන්හට ප්‍රවේශ කිරීම අරමුණු කරගෙන 1998 වර්ෂයේදී විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කර ඇත. මෙම අරමුණු සියයට 100ක් ඉටු කර ගැනීමට මේ වන විට නොහැකි වී ඇත. එහෙයින් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල කාර්යක්ෂම හා සඵල මෙහෙයුමක් සිදු කිරීම පිණිස තිරසර ආයතනික ව්‍යාපාරික ආකෘතියක් ස්ථාපිත‍ කොට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සාර්ථකව කළමනාකරණය කිරීම පිණිස නැෂනල් ඇග්‍රි මාකර්ට් සර්විසස් ලිමිටඩ් සමාගම භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පූර්ණ කොටස් හිමි රාජ්‍ය සමාගමක් ලෙසට 2025.10.09වන දින ස්ථාපිත කර ඇත.

(ii) මෙම අමාත්‍යාංශය විසින් වාරියපොල ප්‍රදේශය තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කර නැත.

(iii) අදාළ නොවේ

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks