E   |     |  

 දිනය: 2026-06-10   පිළිතුර ලබා දී ඇත 

2036/2026: හලාවත වැවිලි සමාගම: රාජ්‍ය ආයතනවලට ලබා දී ඇති ණය

.

අසන ලද දිනය

2026-06-10

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        හලාවත වැවිලි සමාගම 2010 වර්ෂයේදී රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති කාලයේ එම අමාත්‍යාංශයේ ලේකම්ගේ හා මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීමෙන් එම අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතන පහක් සඳහා කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 105ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබෙනවා.

(ii) 1. ජනතා වතු සංවර්ධන මණ්ඩලය

2. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

3. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

4. සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අපනයන සංස්ථාව

5. සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම.

(iii) මෙම ණය මුදල්, ණය ගිවිසුමකට අනුව ලබා දී ඇති අතර එම ආයතනවල අත්‍යවශ්‍ය කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා ලබා දී තිබෙනවා. මෙම ණය මුදල් සියයට අටක පොලිය අය කිරීමේ පදනම මත ලබා දීලා තිබෙන්නේ. ගිවිසුම්ගත ආයතන ගිවිසුමට අනුව වසර තුනක කාලයක් තුළ මෙම ණය මුදල හා පොලිය නැවත පියවීමේ පදනමින් තමයි ලබා දීලා තිබෙන්නේ.

(iv) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 40ක ණය මුදලකුත්, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 15ක ණය මුදලකුත්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට රුපියල් මිලියන 20ක ණය මුදලකුත්, සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අපනයන සංස්ථාවට රුපියල් මිලියන 10ක ණය මුදලකුත්, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් මිලියන 20ක ණය මුදලකුත් බැඟින් ලබා දීලා තිබෙනවා.

(ආ) (i) • ණය අය කර ගැනීම සඳහා අඛණ්ඩව උත්සාහ කළද මේ වන තෙක් කිසිදු ණය මුදලක් හෝ පොලියක් අය කරගෙන නොමැත.

• 2010 වර්ෂයේ සිට 2013 දක්වා උපචිත පදනම මත ලැබිය යුතු‍ පොලී ආදායම ගිණුම්ගත කළද 2013 වර්ෂයේ සිට උපචිත පදනමින් පොලී ආදායම් ගිණුම්ගත නොකිරීමට තීරණය කර ඇත. එහෙත්, 2014 ගිණුම් වාර්තාවල අය විය යුතු ණය හා පොලිය සඳහා අඩමාන ණය වෙන් කිරීම සිදු කර ඇත.

(ii) 2025.12.31 දිනට හිඟ ණය හා පොලී මුදල් පහත පරිදි වේ.

ආයතනයේ නම

ලබා දී ඇති ණය මුදල

ගිවිසුමට අනුව 2025.12.31 දිනට අය විය යුතු පොලිය

ලැබිය යුතු පොලිය හා ණය මුදල

ජනතා වතු සංවර්ධන මණ්ඩලය

රු.40,000,000.00 (රු. මිලියන 40)

රු. 49,227,397.26 (රු. මිලියන 49.23)

රු. 89,227,397.26 (රු. මිලියන 89.23)

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

රු. 20,000,000.00 (රු. මිලියන 20)

රු. 24,410,958.90 (රු. මිලියන 24.41)

රු. 44,410,958.90 (රු. මිලියන 44.41)

සී/ස ඇල්කඩුව වැවිලි සමාගම

රු. 20,000,000.00 (රු. මිලියන 20)

රු. 24,319,452.04 (රු. මිලියන 24.32)

රු. 44,319,452.04 (රු. මිලියන 44.32)

සී/ස ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව

රු. 10,000,000.00 (රු. මිලියන 10)

-

රු. 10,000,000.00 (රු. මිලියන 10)

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

රු. 15,000,000.00 (රු. මිලියන 15)

-

රු. 15,000,000.00 (රු. මිලියන 15)

මුළු මුදල

රු. 105,000,000.00 (රු. මිලියන 105)

රු. 97,957,808.20 (රු. මිලියන 97.96)

රු. 202,957,808.20 (රු. මිලියන 202.96)

සී/ස ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාවට වාගේම, රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පොලිය සකස් කර නොමැත. මෙම ආයතන දෙකට පොලිය සකස් කරන්න නොහැකි වීමට හේතුව තමයි, මෙම ණය මුදල් ලබා දෙනකොට අදාළ ගිවිසුම්වල නිසි ලෙස එළඹ නොතිබීමයි. ඒ අනුව, 2025.12.31 දිනට හලාවත වැවිලි සමාගමට අය විය යුතු මුළු මුදල රුපියල් මිලියන 202.96යි.

රාජ්‍ය සම්පත් සහ ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශය හා සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව විසින් අයවිය යුතු මිලියන 25ක ණය මුදල පියවීමේ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව වෙතයි. එහෙත්, රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව සමඟ ඒ සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී නොමැති බැවින්, අයවිය යුතු පොලිය සඳහන් කර නොමැත.

(iii) • මෙම ණය මුදල් අයකර ගැනීමට අවස්ථා ගණනාවක උත්සාහ දරමින් හලාවත වැවිලි සමාගම ණය ලබාගත් ආයතන දැනුවත් කරමින් ලිපි යොමු කර ඇත. එහෙත්, මෙම ණය මුදල වැවිලි සමාගමට අයකර ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව, මේ වන විටත් අදාළ කරුණු සම්බන්ධව අමාත්‍යාංශයේ විගණන කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කරමින් පවතී.

• මෙතෙක් මෙම ණය මුදල් අයකර ගැනීමට නොහැකි වීම මත 2012 වර්ෂයේ ගිණුම් වාර්තා තුළ අඩමාන ණය ප්‍රතිපාදනද මේ සඳහා වෙන් කර ඇත.

• රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව ක්‍රියාකාරි මට්ටමක මේ වනවිට නොපැවතුණද, එම ණය මුදල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙතින් 2026.02.05 දින ලිපියක් මඟින් උපදෙස් විමසා ඇත. එම ලිපිය ඇමුණුම ලෙස සභාගත* කරමි.

• ඒ අනුව, මෙම ණය මුදල් සම්බන්ධයෙන් හලාවත වැවිලි සමාගමේ විගණන කමිටුව හරහා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 01/2021 (i)  අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, මෙම ණය මුදල් කපා හැරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks