පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කර තිබේද;
(ii) එම සේවා ව්‍යවස්ථාව අනුව තනතුරු සංඛ්‍යාව කොපමණද;
(iii) සේවා ව්‍යවස්ථාව අනුව ගුරු උපදේශකවරුන්ගේ කාර්යභාරය කවරේද;
(iv) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරු උපදේශකවරුන්ට විශේෂ කාර්යභාරයක් පවරා තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගුරු උපදේශක සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව, එක් එක් පළාත සහ විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ගුරු උපදේශක සේවයේ පුරප්පාඩු පවතින තත්ත්වයක් තුළ අදාළ රාජකාරි ආවරණය කිරීම සඳහා යොදා ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-09
අසන ලද්දේ
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) තනතුරු සංඛ්‍යාව 4,471කි.
(iii) ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවේ 04 වන ඡේදය යටතේ "ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව වන පරිදි රේඛීය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයන්හි පාලනය යටතේ අධ්‍යාපන කලාපයේ/කොට්ඨාසයේ අදාළ විෂය පිළිබඳ විශේෂඥයින් ලෙස කටයුතු කරමින් විෂය නිර්දේශ හා පෙළපොත් ආශ්‍රිතව ගුරුවරුන් දිශාභිමුඛ කිරීම, කලාපයේ/කොට්ඨාසයේ ගුරු පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් ක්‍රියාත්මක කිරීම, ජාතික පර්යේෂණ හා ඇගයීම් කටයුතු ක්‍රියාවලියේදී සක්‍රියව දායක වීම හා කලාපයේ/කොට්ඨාසයේ තම විෂයයට අදාළ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා සුසාධ්‍යකරණය කිරීම." ලෙස පොදු කාර්යභාරය දක්වා ඇත.
සවිස්තරාත්මක කාර්යභාරය පහත ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ ගුරු උපදේශකවරුන්ගේ පොදු කාර්යභාරය ලෙස ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කරමි.
1. ආයතන හා පරිපාලන කටයුතුවලට අදාළ රාජකාරි
2. විෂය සංවර්ධනයට අදාළ රාජකාරි
3. ගුරු සුසාධ්‍යකරණයට අදාළ රාජකාරි
4. තක්සේරුකරණය, ඇගයීම් හා නියාමනයට අදාළ රාජකාරි
(iv) ගුරු උපදේශකවරුන්ගේ ප්‍රධාන කාර්යය සහාය ඉගැන්වීම වන අතර කලාප හා කොට්ඨාස අධීක්ෂණ කාර්යය සඳහා ඔවුන්ගේ සහාය ලබා ගනී. මීට අමතරව,
තම විෂය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේදී සම්පත් දායකත්වය ලබා දීම.
විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සම්පත් දායකත්වය සැපයීමට ගුරු උපදේශකවරුන් යොදා ගන්නවා.
මේ ආදී බොහෝ කාර්යයන් සඳහා ගුරු උපදේශකවරුන්ගේ සේවය ලබාගන්නා අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළද එම සේවය තමාගේ රාජකාරී කටයුත්තක් ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
(ආ) (i) ගුරු උපදේශක සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව, ඒ ඒ පළාත සහ විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් දක්වා ඇත. ඇමුණුම 02හි දීර්ඝ ලැයිස්තුවක් තිබෙනවා.
(ii) ඒ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කාරණාවක් තිබෙන්නේ, ගරු මන්ත්‍රීතුමනි. දැනට ගුරු උපදේශක සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් ඇති වී තිබෙන මෙම සේවාවේ නිලධාරින්ගේ දැඩි අවශ්‍යතාවට පිළියමක් ලෙස ගුරු උපදේශක සේවයට නව නිලධාරින් බඳවා ගන්නා තෙක් දැනට පළාත් හා ජාතික පාසල් ගුරු සේවයේ නියුතු, ඇමුණුම 02හි සඳහන් නිර්ණායක ආවරණය වන හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ සහිත ගුරුවරුන් ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ සුදුසුකම් මත රාජකාරී ආවරණය සඳහා පත් කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස අංක ED/02/29/18/03/01 අන්තර් - ඌව (I වෙළුම) හා 2026.06.04දිනැති ලිපිය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, මෙහිදී දැනට රාජකාරි ආවරණය කරමින් යම්කිසි පිරිසක් ඉන්නවා. ඒ රාජකාරී ආවරණය කරන්නේ ගුරු සේවය මඟින්. ඊට අමතරව, වැඩිමනත්ව ඒ සඳහා අනුමැතිය පිණිස ඉල්ලීමක් කර තිබෙනවා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්.
ඊට අමතරව පවතින පුරප්පාඩු අතරින් සියයට 75ක ප්‍රමාණයක්, එනම් තනතුරු 2,000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. එතැනදි එකඟතාව සලකා බලා ඒ සම්බන්ධයෙන් අපට තීරණයක් ගන්න පුළුවන් වෙයි. එකඟතාවක් ලැබුණොත් මේ අවුරුද්දේම අපිට ඒ තනතුර සඳහා විභාගය පැවැත්වීමේ හැකියාව තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks