පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංක |
දිස්ත්‍රික්කය |
වතුවල ආපදාවට ලක්වූ වතු පවුල් සංඛ්‍යාව |
|
01 |
බදුල්ල |
3,752 |
|
02 |
නුවරඑළිය |
3,171 |
|
03 |
මහනුවර |
1,722 |
|
04 |
මාතලේ |
844 |
|
05 |
රත්නපුර |
249 |
|
06 |
කෑගල්ල |
219 |
|
07 |
මොනරාගල |
157 |
|
08 |
කළුතර |
116 |
|
09 |
කුරුණෑගල |
39 |
|
10 |
මාතර |
35 |
|
11 |
ගාල්ල |
5 |
|
12 |
කොළඹ |
1 |
|
එකතුව |
10,310 |
|
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
වත්තේ පූර්ණ හානි වූ නිවාස ලයින් කාමර සංඛ්‍යාව |
වත්තේ අර්ධ හානි වූ නිවාස ලයින් කාමර සංඛ්‍යාව |
|
01 |
බදුල්ල |
87 |
617 |
|
02 |
නුවරඑළිය |
119 |
681 |
|
03 |
මහනුවර |
127 |
442 |
|
04 |
මාතලේ |
80 |
204 |
|
05 |
රත්නපුර |
1 |
125 |
|
06 |
කෑගල්ල |
10 |
36 |
|
07 |
මොනරාගල |
5 |
23 |
|
08 |
කළුතර |
0 |
0 |
|
09 |
කුරුණෑගල |
1 |
0 |
|
10 |
මාතර |
0 |
19 |
|
11 |
ගාල්ල |
0 |
5 |
|
12 |
කොළඹ |
1 |
0 |
|
එකතුව |
|
431 |
2,152 |
(ii)
(iii) අප විසින් පසුගිය අප්‍රේල් මාසයේ 06වන දා මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් තීන්දුවක් ගනු ලැබුවා. ගරු කථානායකතුමනි, අප මීට පෙර ගනු ලැබූ කැබිනට් තීන්දුව අනුව, යම් කෙනෙකුට ස්ථිරව තමන්ටම කියා නිවසක් තිබුණා නම්, තමන්ටම කියා සින්නක්කර ඉඩමක් හෝ බලපත්‍ර ඉඩමක් තිබුණා නම් එතැනට පූර්ණ හානි වුණු කෙනෙකුට ලක්ෂ 50ක් දුන්නා, රජයේ තීන්දුව පරිදි. අර්ධ හානි සිදු වුණා නම් උපරිම ලක්ෂ 25 දක්වා දුන්නා. ලයින්වල ඉන්න ජනතාවට තිබෙන ප්‍රශ්නය තමයි ඒ නිවස ඔවුන්ගේ නොවීම; ඒ ඉඩම ඔවුන්ගේ නොවීම. ඒ නිසා ඒ හිමිකම ඔවුන්ට ලැබුණේ නැහැ. එම නිසා ගරු ජනාධිපතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා, ලයින් කාමරය ඔවුන්ගේ නොවුණත්, ඉඩම ඔවුන්ගේ නොවුණත් ඔවුන්ටත් පූර්ණ හානියට සමාන, පෙර දුන්නු වන්දියට සමාන මුදලක් ලබා දෙන්න ඕනෑ කියලා.
ගරු මන්ත්‍රීතුමනි, අපි 2026.04.06වන දා ගත්තු තීන්දුව ප්‍රකාරව මා පෙර කියූ පූර්ණ හානියට ලක් වූ නිවාස හිමි සියලුදෙනාට රුපියල් ලක්ෂ 50ක හිමිකමක් ලැබෙනවා, නිවස සඳහා. ඒ අනුව වර්ග අඩි 650ක නිවසක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා රජයෙන් පර්චස් 10ක ඉඩම් කැබැල්ලකුත් ලබා දෙන්න තීන්දු කරලා තිබෙනවා. ඒ වාගේම, අර්ධ හානියට ලක් වූ නිවාස සම්බන්ධයෙන් තක්සේරු කරලා, අපේ වැවිලි මානව සංවර්ධන භාරය ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ලක්ෂ 5 සිට 25 දක්වා අර්ධ හානි සඳහා වන්දි සකස් කරලා දෙන්න තීන්දු කළා.
ඊට අමතරව, යම් නිවසකට පූර්ණ හානි නොවුණත් අර්ධ හානි වෙලා තිබිලා අපේ ආපදා කළමනාකරණ කමිටුව පරීක්ෂා කර බලලා කිව්වොත්, ඒ නිවසේ ජීව කාලය අවසන් කියලා, අපි එවැනි නිවාස වෙනුවෙනුත් රුපියල් ලක්ෂ 50ක් දෙන්න තීන්දු කළා. මොකද, ඒ සමහර නිවාස වසර 150කට වඩා පරණයි. සමහර වෙලාවට ඒවා අධි අවදානම් නැහැ. නමුත්, එම නිවාස ආපහු හදලා ඵලක් නැත්නම් එවැනි නිවාස වෙනුවෙනුත් අපි රුපියල් ලක්ෂ 50ක් දෙන්න තීන්දු කළා. ඒ අනුව දැන් වැවිලි ප්‍රජාවට, එහෙම නැත්නම් මලෛයහම් ප්‍රජාවට, රුපියල් ලක්ෂ 50 හිමි වෙනවා. ඒක අනෙක් අයට වඩා විශේෂ හිමිකමක් වනවා. මීට පෙර රුපියල් ලක්ෂ 50 ලබා දුන්නේ අධි අවදානම් ප්‍රදේශවල ඉන්න අයට සහ පූර්ණ හානි සිදු වුණු නිවාසවල අයටයි. හැබැයි, වැවිලිකරයට පමණක් විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි, ආපදා කළමනාකරණ කමිටුව තීන්දු කරනවා නම් අර්ධ හානියකුයි වෙලා තිබෙන්නේ; නමුත්, එම නිවසේ ජීව කාලය අවසන් වෙලා කියලා, එතකොට එය පිළිසකර කරනවා නොවෙයි, රුපියල් ලක්ෂ 50ක් දීලා නව නිවසක් හිමි කර දෙනවා. එලෙස කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙන බව ඔබතුමාට මතක් කරන්න කැමැතියි. මම ඒ සම්බන්ධයෙන් අදාළ කරුණු සභාගත* කරනවා.
(iv)
|
ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව |
|||
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
වත්තේ පූර්ණ හානි වූ නිවාස ලයින් කාමර සංඛ්‍යාව |
වත්තේ අර්ධ හානි වූ නිවාස ලයින් කාමර සංඛ්‍යාව |
|
01 |
බදුල්ල |
87 |
617 |
|
02 |
නුවරඑළිය |
119 |
681 |
|
03 |
මහනුවර |
127 |
442 |
|
04 |
මාතලේ |
80 |
204 |
|
05 |
රත්නපුර |
1 |
125 |
|
06 |
කෑගල්ල |
10 |
36 |
|
07 |
මොනරාගල |
5 |
23 |
|
08 |
කළුතර |
0 |
0 |
|
09 |
කුරුණෑගල |
1 |
0 |
|
10 |
මාතර |
0 |
19 |
|
11 |
ගාල්ල |
0 |
5 |
|
12 |
කොළඹ |
1 |
0 |
|
|
එකතුව |
431 |
2,152 |
ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව ලෙස දැනට පවතින තොරතුරු අනුව පූර්ණ හානි හා අර්ධ හානි සිදු වී ඇති වතු නිවාස සංඛ්‍යාව සඳහන් කර ඇත. මෙම නිවාස සම්බන්ධයෙන් දිසාපතිවරුන්ගෙන් ලද තොරතුරු අනුව පූර්ණ හානි නිවාස 431ක් ඉදි කිරීමට හා අර්ධ හානි නිවාස 2,152ක් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත අතර, අදාළ කැබිනට් පත්‍රිකාවේ පරිදි තවදුරටත් සංඛ්‍යාලේඛන ලබා ගැනීමට කටයුතු කර ඇති බැවින් පසුව මෙම තොරතුරු සංශෝධනයට ද ඉඩ ඇති බව කාරුණිකව දැනුම් දෙමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks