පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-25
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික ගමනාගමන කොමිෂන් සභාව
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇත. සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි වී නොමැති බැවින් 2025 වර්ෂය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනය කිරීම ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන් වාර්තා වී නොමැත.
සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත තුළ බස් රථ 93ක් පාසල් ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති අතර මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සහනාධාර මුදලක් ගෙවනු ලැබේ.
පාසල් ප්‍රවාහන සේවා ලියාපදිංචි කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ආරම්භ කර නොමැති බැවින් කොළඹ දිස්ත්‍රික්කය තුළ එම සේවාවන් ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා නොවේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
2025 වර්ෂය අග භාගයේදී, එනම් 2025 ඔක්තෝබර් මස 01වන දා සිට ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කළ නමුත් මෙය සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට විශාල කාලයක් වැය වන බැවින් ඒ සඳහා තාක්ෂණ මෙවලමක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මේ වර්ෂය අවසන් වීමට පෙර ත්‍රිරෝද රථ ලියාපදිංචිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. එසේ හෙයින් මේ වනවිට නිවැරදි සංඛ්‍යාලේඛන අප සතුව නොමැත.
එසේම පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් මගී සේවා අවසර පත්‍ර ලබාගෙන මගී සේවා කරන අතරවාරයේම ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් ගාස්තුව ගෙවනු ලබන බස් රථ 70ක් ඇති අතර, එම බස් රථවල පාසල් ළමුන් හා ගුරුවරුන් හැර වෙනත් කිසිවෙකුට ගමන් කළ නොහැකිය. සෑම කෙනෙකුගෙන්ම ගමන් ගාස්තුව මෙන් අඩක් අය කර ගනී. එසේම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මගී සේවා අවසර පත්‍ර ලබාගෙන ඇති බස් රථ 21ක් තෝරා ගත් පාසල් සඳහා - ඉල්ලුම් කළ - "පාසල් සේවා" නමින් සිසුන් රැගෙන යනු ලබයි. එම ගමන් වාරය තුළ එම බස් රථවල පිටස්තර මගීන් රැගෙන යාමෙන් වැළකී සිටින අතර ගමනට සම්පූර්ණ ගාස්තුව අය කරනු ලබයි. ඒ හැරුණුකොට පෞද්ගලික පාසල් වෑන් රථ සම්බන්ධව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් දැනට නියාමනයක් සිදු නොවන බැවින් ඒ සම්බන්ධ නිවැරදි දත්තයන් නොමැත. එම නිසා මගී ප්‍රවාහනය ජීවනෝපාය ලෙස සිදු කරන පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කිව නොහැකිය.
(ii) ගමනාගමන කොමිෂන් සභාව
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම් කාර්යය අවසන් කර නොමැති බැවින් හා පාසල් ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහන සේවා ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති බැවින් 2025 වර්ෂය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ උත්පාදනය වී ඇති අවිධිමත් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
එබැවින් ප්‍රවාහන සේවා ආශ්‍රිතව, 2025 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ උත්පාදනය වී ඇති අවිධිමත් රැකියා අවස්ථා සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැක.
(ආ) (i) ගමනාගමන කොමිෂන් සභාව
උක්ත සේවාවට අදාළ රෙගුලාසි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගැසට් කිරීමට නියමිත අතර, අදාළ රෙගුලාසි, මාර්ගෝපදේශයක් ලෙස පළාත් සභා හරහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කරනු ලැබේ. ඒ අනුව පළාත් තුළ ධාවනය වන සේවාවන් අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතු වේ. ඒ යටතේ අදාළ සේවාවන්හි සේවයේ යොදවා ඇති සේවක කණ්ඩායම් ද ලියාපදිංචි කරනු ලැබේ. එ් අනුව සේවා යෝජකයා විසින් සේවකයන් සඳහා සේවක ආර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට දායක මුදල් ගෙවිය යුතු වේ. සේවා යෝජකයින් නොමැති අවස්ථාවකදී ස්වයං රැකියා තත්ත්වය යටතේ සේවකයන් විසින් සේවා නියුක්ත භාර අරමුදලෙහි සාමාජිකත්වය ලබාගෙන දායක මුදල් බැර කිරීමට කටයුතු කළ යුතු වේ. සේවකයා දායක මුදල් ගෙවීම වෙනුවට ඩිජිටල් කාඩ්පතක් මඟින් මගියාගෙන් අය කරනු ලබන ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට බැර කිරීමට අදාළව කටයුතු සැලසුම් කර ඇත. මෙම කාර්යයන් කිරීමට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත කාලීන අවශ්‍යතාව මත සංශෝධනය කිරීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් කටයුතු සිදු කරමින් පවතී.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
කාර්යාලීය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සම්බන්ධව මේ වන විට නීති රෙගුලාසි සම්පාදනය වෙමින් පවතින අතර, මෙම වර්ෂය අවසන් වන විට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සම්මත කරගෙන ඇති පනතට අනුව නිසි නියාමනයක් බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය මඟින් සිදු කිරීමට කටයුතු යොදමින් සිටිනු ලබයි. එසේ හෙයින් මේ සම්බන්ධව ද තවමත් නිවැරදි තොරතුරු හා දත්තයන් නොමැති අතර මේ වර්ෂය අවසන් වීමට පෙර මෙම කාර්යාල ප්‍රවාහන සේවා ද නියාමනයට යටත්වනු ඇත.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks