පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2004/2026
ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහවැලි යෝජනා ක්‍රමය යටතේ ස්ථාපිත මුළු ජල විදුලි ධාරිතාව සහ 2020 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික විදුලි ජනනය කොපමණද;
(ii) එම ජල විදුලි පහසුකම් ඉදිකර, සේවාව ආරම්භ කරන ලද දිනය සහ එම ඉදිකිරීම් අනුමත කළ ජනාධිපතිවරයා කවුරුන්ද;
(iii) වික්ටෝරියා, රන්දෙණිගල සහ කොත්මලේ ඇතුළු ප්‍රධාන ජලාශවල වත්මන් අවසාදිත මට්ටම් සහ එමඟින් ජලාශවල රඳවා ගැනීමේ ධාරිතාවට ඇති බලපෑම කවරේද;
(iv) පසුගිය වසර 05 තුළ ජලාශ වේලිවල ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(v) වෙනස්වන වර්ෂාපතන රටාවන් හමුවේ කෘෂිකාර්මික වාරිමාර්ග, පානීය ජල සැපයුම සහ විදුලි ජනනය අතර සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වාරිමාර්ග පද්ධතිය මත තැබිය හැකි විශ්වාසය සහ ගංවතුර කළමනාකරණ හැකියාව පිළිබඳව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව තක්සේරු කිරීමක් සිදු කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks