පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2003/2026
ගරු රවී කරුණානායක මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2025 දෙසැම්බර් 31 දින වන විට කොළඹ මහ නගර සභා සීමාව තුළ සහ දිවයින පුරා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර වෙන් කර දෙන ලද මුළු නිවාස ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත සඳහන් ප්‍රතිලාභීන් අතරින් නීත්‍යානුකූලව අත්සන් කර ඇති සහ ලියාපදිංචි කළ හැකි සින්නක්කර ඔප්පු හෝ පැවරුම් සාධනපත්‍ර නිකුත් කරනු ලැබ නොමැති ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;
(iii) එකී ප්‍රතිලාභීන් සංඛ්‍යාව, ව්‍යාපෘතිය අනුව සහ එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එවැනි ඔප්පු නිකුත් කරනු ලැබීමෙන් වැළැකී සිටීමට හේතුවී ඇති නිශ්චිත නෛතික, මිනුම් සිතියම්, ඉඩම් අත්පත් කර ගැනීමේ හෝ ලියකියවිලි අඩුපාඩු කවරේද;
(v) පසුගිය වසර 03 තුළ කටයුතු සිදු කෙරෙමින් පවතින ලිපිගොනු සංඛ්‍යාව කොපමණද;
(vi) වැඩකටයුතු අවසන් නොකර ගොඩගැසී ඇති ඔප්පු ප්‍රමාණය 2026 වර්ෂය තුළ අවසන් කිරීම සඳහා වන මාසික ඉලක්ක ඇතුළත් කාල නියමයන් සහිත ක්‍රියාකාරී සැලැස්ම කවරේද;
(vii) පුරවැසියන්ට ඔවුන්ගේ ඉඩම් අයිතිවාසිකම් ලබා දීම දීර්ඝ කාලීනව ප්‍රමාදවී තිබීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියෙකුට හෝ ආයතනයකට වගකීම පවරා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks