E   |     |  

 දිනය: 2026-05-21   පිළිතුර ලබා දී ඇත 

2002/2026: Expenditure and revenue generated through projects under Mahaweli Authority

2002/2026

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් එහි ආරම්භයේ සිට 2025.12.31 වන දින දක්වා දරන ලද ප්‍රාග්ධන වියදමෙහි මුළු එකතුව, ප්‍රධාන යෝජනා ක්‍රම (A, B, C, D, H, L සහ R) අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(ii) මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කර පසුව කඩිනම් කරන ලද්දේ කවර ජනාධිපතිවරයෙකුගේ පරිපාලනය යටතේද සහ එලෙස කඩිනම් කිරීම ආරම්භවූ වර්ෂය කවරේද;

(iii) 2020 සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ වාරිමාර්ග ගාස්තු, ජල විදුලිය අලෙවිය, ඉඩම් බද්දට දීම සහ අනෙකුත් වාණිජ කටයුතු වලින් ජනනයවී ඇති වාර්ෂික ආදායම් මාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මුදල් ඒකක, පොලී අනුපාත සහ ණය කල්පිරීමේ පැතිකඩ සඳහන් කරමින්, මහවැලි ව්‍යාපෘතිවලට අදාළව පවතින හිඟ දේශීය සහ විදේශ ණය ප්‍රමාණය කොපමණද;

(v) වාරිමාර්ග නඩත්තු කටයුතු සඳහා හෙක්ටයාරයකට වැයවන වත්මන් පිරිවැය කවරේද;

(vi) එම පිරිවැය සහ සැබෑ පිරිවැය අයකර ගැනීම අතර සංසන්දනය කවරේද;

(vii) මෑතකදී කිසියම් කාර්ය සාධන හෝ වෝහාරික විගණනයක් පවත්වා තිබේද;

(viii) එසේ නම්, එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-21

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks