පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2001/2026
ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2000 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ජාතික ‘වැඩියෙන් භෝග වවමු’ හෝ ඒ හා සමාන කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සංඛ්‍යාව සහ ඒවා ක්‍රියාත්මක කරන ලද අමාත්‍යාංශ හෝ ආයතනික රාමු කවරේද;
(ii) එම වැඩසටහන් යටතේ පොහොර සහනාධාර, වාරිමාර්ග පහසුකම් පුළුල් කිරීම, බීජ සංවර්ධනය, ව්‍යාප්ති සේවා, අලෙවිකරණය සහ ගබඩා යටිතල පහසුකම් සඳහාද ඇතුළුව වාර්ෂිකව වැය කරන ලද මුළු රාජ්‍ය වියදම කොපමණද;
(iii) එම වැඩසටහන් සම්බන්ධයෙන් ස්වාධීන කාර්ය සාධන විගණන හෝ බලපෑම් තක්සේරු කිරීම් සිදු කර තිබේද;
(iv) එසේ නම්, ඒවායෙහි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේද;
(v) ඉහත කී කාලපරිච්ඡේදය තුළ ගොවියාගේ ලාභදායිත්වය, වගා කරන ලද අක්කර ප්‍රමාණය, හෙක්ටයාරයකට බෝග අස්වැන්න, නිෂ්පාදන පිරිවැය සහ ඇස්තමේන්තු කළ පසු අස්වනු හානි සම්බන්ධයෙන් නිරීක්ෂණයවූ ප්‍රවණතා කවරේද;
(vi) ආනයන ආදේශනය තිරසර කිරීම සහ දේශීය කෘෂිකර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම අවහිර කිරීමට තුඩුදී ඇති පොහොර ප්‍රතිපත්ති වෙනස්වීම්, වාරිමාර්ග පද්ධතිවල ඌනතා, ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම, සැපයුම් දාම අකාර්යක්ෂමතා, වෙළඳපොළ විකෘති කිරීම්, මිලකරණ අවිනිශ්චිතතා හෝ දැරිය හැකි ණය පහසුකම් සඳහා ප්‍රවේශය සීමිත වීම ඇතුළු ව්‍යුහාත්මක සීමාවීම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks