පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2000/2026
ගරු රවී කරුණානායක මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හෝ ඒ ආශ්‍රිත නාගරික පුනර්ජීවන වැඩසටහන් යටතේ, දැනට පදිංචියට ගෙන තිබෙන රජය විසින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;
(ii) එවැනි සංකීර්ණවල ස්ථාපනය කර ඇති මුළු සෝපාන සංඛ්‍යාව, දැනට අක්‍රියව පවතින සෝපාන සංඛ්‍යාව සහ 2025 වර්ෂය තුළ, සෝපානයකට අදාළව, සාමාන්‍ය අක්‍රිය කාලය කොපමණද;
(iii) 2024 සහ 2025 වර්ෂ සඳහා වෙන්කරන ලද මුළු නඩත්තු ප්‍රතිපාදන ප්‍රමාණය සහ එක් එක් වර්ෂය තුළ සැබවින්ම භාවිතා කරන ලද මුදල කොපමණද;
(iv) තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා නඩත්තු කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සහ එවැනි කොන්ත්‍රාත්තු කිසිවක් අදාළ කොන්ත්‍රාත්තු කාර්ය ඉටු නොකිරීම හේතුවෙන් අවලංගු කර තිබේද;
(v) 2023 සිට ස්වාධීන ව්‍යුහාත්මක සහ ගිනි ආරක්ෂණ විගණන සිදුකොට තිබේද;
(vi) එසේ නම්, එම තොරතුරු පාර්ලිමේන්තුවෙහි සභාගත කරන්නෙහිද;
(vii) දිගු කාලයක් සෝපාන පද්ධති අක්‍රියව පවතින විට, වැඩිහිටි සහ ආබාධිත පදිංචිකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන හදිසි පියවර කවරේද;
(viii) කිසියම් ගොඩනැගිල්ලක් අනාරක්ෂිත ලෙසට, අර්ධ වශයෙන් අනතුරුදායක ලෙසට හෝ හදිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන ගොඩනැගිල්ලක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks