E   |     |  

 දිනය: 2026-05-20   පිළිතුර ලබා දී ඇත 

1997/2026: Tourism accommodation capacity and regional Occupancy levels

1997/2026

ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මේ වනවිට පවතින මුළු හෝටල් කාමර ධාරිතාවය සහ ප්‍රාදේශීය මට්ටමින් සංචාරක නවාතැන් ගැනීමේ අනුපාත කවරේද;

(ii) වර්තමානයේ සංචාරකයින් පැමිණීම වැඩි වෙමින් පවතින ප්‍රධාන රටවල් කවරේද;

(iii) ඉන්දියාව, රුසියාව සහ එක්සත් රාජධානිය වැනි සීමිත වෙළඳපොළ සංඛ්‍යාවක් මත ශ්‍රී ලංකාව තවදුරටත් යැපෙන්නේද;

(iv) ඉහත සඳහන් කළ එක් එක් රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) සක්‍රියව ඉලක්ක කර ගනිමින් සිටින නව වෙළඳපොළ (උදා: මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය සහ නැගෙනහිර ආසියාව) කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2024-2025 කාලසීමාව තුළ අනුමත කර ඇති නව සංචාරක ආයෝජන සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම කොපමණද;

(ii) වෙළඳපොළ සංකේන්ද්‍රණ අවදානම අඩු කිරීම සඳහා විවිධාංගීකරණ උපායමාර්ගයක් අනුගමනය කර තිබේද;

(iii) රට තුළ අලුතින් එක් කිරීමට සැලසුම් කර ඇති හෝටල් කාමර සංඛ්‍යාව කොපමණද;

(iv) එම හෝටල් ඉදි කිරීමට නියමිත ස්ථාන සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කාලරාමු කවරේද;

(v) එම නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks