පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1996/2026
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය වසර 02 තුළ සංචාරක පැමිණීම්, වසරින් වසර සිදුවූ වර්ධනය/පහත වැටීම ඇතුළත්ව එක් එක් ප්‍රධාන සංචාරක ප්‍රභව වෙළඳපොළවල ප්‍රතිශතයක් ලෙස, රට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම කාලය තුළ, අලුතින් එක් කළ, නැවත ස්ථාපිත හෝ නතර කරන ලද, සෘජු සංචාරක ගුවන් ගමනාන්ත සංඛ්‍යාව, එක් එක් ආරම්භක රට සහ ගුවන් සේවය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මැනිය හැකි වර්ධනයක් පෙන්නුම් කර ඇති නව දිගු දුර ගමනාන්ත සහ ඒවායෙන් වාර්තාවූ වර්ධන ප්‍රතිශත වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) නව වෙළඳපොළවලට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා, සංශෝධනය කරන ලද, පුළුල් කරන ලද හෝ අලුතින් සාකච්ඡා කරන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) MICE, සුඛෝපභෝගී, සුවතා සහ නෞකා සංචාරක ව්‍යාපාර ඇතුළු ඉහළ ආදායම් ජනනය කරන සංචාරක ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ව්‍යුහගත වෙළඳපොළ පර්යේෂණ සිදු කර තිබේද;
(vi) අලුත් වෙළඳපොළට ප්‍රවේශ වන හෝ සේවාවන් පුළුල් කරන ගුවන් සමාගම් සහ සංචාරක ක්‍රියාකරුවන්ට, දැනට ලබා දෙන මූල්‍ය, නියාමන හෝ අලෙවිකරණ දිරිගැන්වීම්, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-20
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks