පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-09
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 07කි.
(ii) 1. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය
2. රජයේ භාෂා පරිවර්තක සේවය
3. ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය
4. සංවර්ධන නිලධාරි සේවය
5. කළමනාකරණ සේවා නිලධාරි සේවය
6. ඒකාබද්ධ රියැදුරු සේවය
7. කාර්යාල සේවක සේවය
(iii)
|
තනතුර |
2026.03.01 දිනට පුරප්පාඩු සංඛ්‍යාව* (සේවක සංඛ්‍යා සමාලෝචනයට යටත්ව දැනට දළ සංගණනයට අනුව) |
|
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය |
996 |
|
රජයේ භාෂා පරිවර්තක සේවය |
261 |
|
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය |
117 |
|
සංවර්ධන නිලධාරි සේවය |
පුරප්පාඩු නොමැත |
|
කළමනාකරණ සේවා නිලධාරි සේවය |
4250** |
|
ඒකාබද්ධ රියැදුරු සේවය |
1706 |
|
කාර්යාල සේවක සේවය |
2607 |
* ඒකාබද්ධ සේවා අංශය විසින් එක් එක් සේවාවන්ට අදාළව පුරප්පාඩු පිරවීමේදී, ආයතනගත තොරතුරු කැඳවා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනා ගැනීම සිදු කරනු ලබයි. කෙසේ වුවද, අනුමත කාර්ය මණ්ඩලය සමඟ පුරප්පාඩුවල නිශ්චිත සංඛ්‍යාව ගණනය කර ගැනීමේදී, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ඊට අදාළ තොරතුරු ලබා ගැනීම අවශ්‍ය වේ.
** 2025.03.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/0243/802/004-II මඟින් ලබා දී ඇති අනුමැතිය අනුව සම්පූර්ණ කිරීමට නියමිත පුරප්පාඩු 1,615 ද මෙහි අන්තර්ගතව ඇත.
(iv) ඔව්.
(v) · රජයේ භාෂා පරිවර්තක සේවයේ I පන්තියේ පුරප්පාඩු 238ක් සම්පූර්ණ කිරීම සඳහා 2025.09.15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/1691/802/004-X අනුමැතිය ලබා දී ඇති අතර, අයදුම් පත් කැඳවීමේ විභාග නිවේදනය 2025.11.07 දිනැතිව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
· ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III ශ්‍රේණියේ පුරප්පාඩු 100ක් සම්පූර්ණ කිරීම සඳහා 2025.08.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/1421/802/004-VIII මඟින් අනුමැතිය ලබා දී ඇති අතර අයදුම් පත් කැඳවීමේ නිවේදනය 2025.11.07 දිනැතිව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලදී. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ලබා දී ඇති උපදෙස් අනුව, එම සේවා ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තරග විභාගය පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.
· ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තියේ III ශ්‍රේණියේ පුරප්පාඩු 48ක්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියේ පුරප්පාඩු 189ක් සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණියේ පුරප්පාඩු 555ක් පිරවීම සඳහා 2025.08.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/1421/802/004-VIII මඟින් අනුමැතිය ලැබී ඇති අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තියේ III ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාගය 2026.03.28 හා 29 දිනවලත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාගය 2026.03.22 හා 2026.04.18 යන දිනවලත් පවත්වන ලදී. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාගය 2026.05.17 දින පැවැත්වීමටත් කටයුතු සූදානම් කරන ලදී.
· කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ පැවති පුරප්පාඩු 2,223ක් විවෘත පදනමින් බඳවා ගැනීම සඳහා 2025.02.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/0243/802/004 මඟින් අනුමැතිය ලබා දුන් අතර ඊට අදාළ තරග විභාගය 2025.05.18 දින පවත්වන ලදී. සුදුසුකම්ලත් අයදුම්කරුවන් 1,908ක් සඳහා 2025.10.01 දින ක්‍රියාත්මක වන පරිදි සහ දෙවන වටය මඟින් අයදුම්කරුවන් 345ක් සඳහා ද 2026.02.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දෙන ලදී.
· කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 1,615ක් විවෘත පදනමින් බඳවා ගැනීම සඳහා 2025.03.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/0243/802/004-II මඟින් අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ තරග විභාගය 2025.10.05 දින පවත්වන ලදී. අදාළ සම්මුඛ පරීක්ෂණ 2026.05.22, 23 සහ 24 දිනවල පැවැත්වීමට නියමිතය. අදාළ අනුමැතිය අනුව මෙම විවෘත තරග විභාගයට සමාන්තරව සීමිත තරග විභාගය 2024.08.18 දින පවත්වන ලද අතර, එහි ප්‍රතිඵල මත 2025.03.03 දින 669දෙනෙකු සඳහා පත්වීම් ලබාදෙන ලදී.
· ඒකාබද්ධ රියැදුරු සේවයේ පවතින පුරප්පාඩුවලින් පුරප්පාඩු 1,000ක් සම්පූර්ණ කිරීම සඳහා 2025.07.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/1174/802/004-VII මඟින් අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා අදාළ තරග විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026.05.17 දින පැවැත්වීමට කටයුතු කරන ලදී.
තවද, 2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ අග භාගය තෙක් බඳවා ගැනීම් සීමා කර හෝ අත්හිටුවා තිබීම මත ඒකාබද්ධ සේවාවන්ට අදාළ පුරප්පාඩු වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත්, ඒ සියලු පුරප්පාඩු පිරවීම ක්‍රමානුකූලව ආරම්භ කර ඇති අතර, බඳවා ගැනීම්වල විධිමත් බව මෙන්ම සේවා අවශ්‍යතාවන් ද මැනවින් සලකා බලමින් මෙම කටයුතු සිදු කරමින් පවතී. සැලකිය යුතු කාලයක් එනම්, වසර පහකට ආසන්න කාලයක් පුරා පුරප්පාඩු නිසි ලෙස නොපිරවීම මත ඇති වූ තත්ත්වයන් සඳහා පිළිතුරු ලබා දෙමින් අවශ්‍ය මානව සම්පත සැපයීම යථාවත් කරමින් පවතී. එමෙන්ම වර්තමාන සේවා අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සේවක සංඛ්‍යා සමාලෝචනය ක්‍රියාත්මකව පවතින අතර, දැනට පවතින ආයතනික අවශ්‍යතාවන් හා ගළපමින් ඉදිරි බඳවා ගැනීම්වලට අදාළ තීරණ ගනු ලබන බව වැඩිදුරටත් සඳහන් කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks