logo

02

E   |     |  

 දිනය: 2026-06-10   පිළිතුර ලබා දී ඇත 

1989/2026: අලි-මිනිස් ගැටුම: කුරුණෑගල දිස්ත්‍රික්කය

.

අසන ලද දිනය

2026-06-10

අසන ලද්දේ

ගරු චන්දන තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2024 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වන අලි සමීක්ෂණය අනුව වන අලි සංඛ්‍යාව 7,451කි.

              (ii)      ඔව්.

                        ගරු කථානායකතුමනි, 1993 වාර්තාවලට අනුව අලි සංඛ්‍යාව 1,967ක් ලෙස වාර්තා වෙලා තිබෙනවා.

•       2011 වසරේදී අපේ රටේ කරපු අලි සංගණනය අනුව අලි සංඛ්‍යාව 5,879ක් ලෙස වාර්තා වෙලා තිබෙනවා.

• 2024 සිදු කරන ලද අලි සමීක්ෂණය අනුව අලි සංඛ්‍යාව අවම වශයෙන් 7,451ක් සිටින බවට වාර්තා වෙලා තිබෙනවා.

අපේ රටේ අලි ගහනය සියයට 26.7ක වාගේ ප්‍රමාණයකින් වර්ධනය වෙලා තිබෙනවා. අපේ රටේ දළ සහිත අලින්ගේ - ඇතුන්ගේ - සංඛ්‍යාව සියයට 9.2කින් වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව අලි ගහනයේ වර්ධනයක් සිදු වෙලා තිබෙනවා.

(ආ) (i) අලි-මිනිස් ගැටුම දිස්ත්‍රික්ක 25න් 17කම පවතිනවා, ගරු කථානායකතුමනි. හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, වවුනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල අලි-මිනිස් ගැටුම් වාර්තා වෙලා තිබෙනවා.

(ii) 2025 වර්ෂයේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අලි මරණ 25කුත්, පුද්ගල මරණ 12කුත් වාර්තා වී තිබෙනවා.

(iii) ඔව්.

(iv) ඔව්. කහල්ල-පල්ලෙකැලේ අභය භූමියේ තැනිතලා භූමි ප්‍රදේශ සියල්ලම පාහේ අනවසරයෙන් අත්පත් කරගෙන ඇත. එසේ වුවද, වන අලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව සැරිසරන බව නිරීක්ෂණය වේ. රක්ෂිතය වශයෙන් ඉතිරිව පවතින්නේ කහල්ල-පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටා ඇති කඳුකර ප්‍රදේශ පමණි. මෙම ප්‍රදේශය සාම්ප්‍රදායික වාසභූමි වශයෙන් භාවිත කරන වන අලි රංචුද ඇතුළුව වන අලින් 150ත්, 200ත් අතර ප්‍රමාණයක් වාසය කරයි. නිරන්තරයෙන් මෙම වන අලි ගහනය සඳහන් කර ඇති ප්‍රදේශ වෙත සංචරණය කරන බැවින් මෙම ප්‍රදේශවල නිරන්තර වන අලි-මිනිස් ගැටුම් වාර්තා වෙලා තිබෙනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks