පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2833/’12
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ අඩංගු මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටු වාර්තාවෙහි සඳහන් කර ඇති, නිව්යෝර්ක් නගරයේ පිහිටි ගොඩනැගිල්ල මිල දී ගත් දිනය කවරේද;
(ii) ඉහත සඳහන් මිලදී ගැනීම සිදු කිරීම සඳහා අනුමතිය ලබාදුන් නිලධාරියා සහ එම මිලදී ගැනීම සිදු කිරීමෙහි අරමුණ කවරේද;
(iii) එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ලිපිනය, ගොඩනැගිල්ලේ මහල් ගණන, එහි බිම් වර්ගඵලය සහ එය මිලදී ගැනීම සඳහා දරන ලද පිරිවැය කවරේද;
(iv) එය හවුල් ආයෝජනයක්ද; නැතහොත් ඒකල ආයෝජනයක්ද;
(v) එය හවුල් ආයෝජනයක් නම්, එයට සම්බන්ධ වී ඇති පාර්ශ්වයන්ගේ නම් සහ එක් එක් පාර්ශ්වය විසින් දරනු ලබන අයිතියේ ප්‍රතිශතය වෙන් වෙන්ව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කවර පුද්ගලයෙකුගේ නමින් එම ගොඩනැගිල්ල ලියාපදිංචිකර තිබේද;
(ii) මේ වනවිට එම ගොඩනැගිල්ල විකුණා හෝ කුලියට දී තිබේද;
(iii) එය විකුණා ඇත්නම්, මිල දී ගත් පුද්ගලයාගේ නම, ගත් මිල සහ විකිණීම සිදුකළ දිනය කවරේද;
(iv) එය කුලියට දී ඇත්නම්, කුලියට ලබාගත් පුද්ගලයින්ගේ නම්, අය කරනු ලබන කුලිය සහ බදු කාලසීමාව කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-26
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம - சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)
(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International Monetary Co-operation and Deputy Minister of Finance and Planning)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2011 අගෝස්තු මස 30වන දින.
(ii) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම දේපොළ මිල දී ගැනීමට අනුමතිය දෙන ලදී. මෙම දේපොළ මිල දී ගනු ලැබූවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනාගත මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම පිණිසය.
මෙම ගරු මන්ත්‍රීතුමාගේ සහ මෙම ගරු සභාවේ දැන ගැනීම සඳහා මම විස්තරයක් ඉදිරිපත් කරන්නට කැමැතියි. මම එය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්නම්.
The functions of the Central Bank of Sri Lanka has been significantly expanding during the recent years due mainly to the issue of sovereign bonds, increased international reserves and investor promotions for Government securities.
Further expansion of the functions due to emerging economic activities and foreign exchange liberalization was envisaged and the need for opening offices in selected international cities was expected.
Accordingly, the CBSL, in 2010, sought legal opinion of the Attorney General on the possibility of purchasing premises abroad. The Monetary Board, at the meeting held on 10.01.2011, having considered the views of the Attorney General and the reduced property prices now prevailing, approved the purchase of building properties suitable for offices in selected international cities on a case-by-case basis with the prior approval of the Monetary Board. The Monetary Board also approved the renting out of such building properties to the Diplomatic Missions of Sri Lanka at market rates until such time the CBSL requires these buildings for its own use.
A team consisting of the Chief Government Valuer and senior officers from the Ministry of External Affairs and the CBSL inspected several buildings in New York City and recommended the purchase of the second floor of the Diplomat Centre Condominium Building, No. 820, 2nd Avenue, New York at US Dollars 5,250,000. After negotiations with the owner, the purchase price was reduced to US Dollars 5,075,000. The Monetary Board, at the meeting held on 25th April, 2011, approved the purchase of this property at a cost of US Dollars 5,075,000.
This property was purchased by the Central Bank on 30th August, 2011. The complete details of this purchase were notified to the Cabinet of Ministers by Cabinet Paper No. 11/2076/504/171 dated 18th October, 2011 by the Minister of Finance and Planning.
The property was rented out to the Ministry of External Affairs of the Government of Sri Lanka through an agreement dated 28th May, 2012 for three years from 1st June, 2012 at a monthly rental of US Dollars 68,000 payable in Sri Lankan Rupees.
(iii) දෙවන මහල,
ඩිප්ලොමැට් සෙන්ටර් කොන්ඩෝනියම් ගොඩනැඟිල්ල,
අංක 820,
දෙවන මාවත,
නිව්යෝර්ක්,
ඇමෙරිකා එක්සත් ජනපදය.
මිලදී ගත් මහල් ගණන - එකකි.
(දෙවන මහල සම්පූර්ණයෙන්)
බිම් වර්ග ප්‍රමාණය - වර්ග අඩි 12,000
මිලදී ගත් මුදල - ඇමෙරිකන් ඩොලර් 5,075,000.00
(iv) මෙම දේපළෙහි තනි හිමිකරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි.
(v) පැන නොනඟී.
(ආ) (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නමින් ලියාපදිංචි කර ඇත.
(ii) කුලියට දී ඇත.
(iii) පැන නොනඟී.
(iv) ශ්‍රී ලංකා ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට කුලියට දී ඇත.
අය කරනු ලබන මාසික කුලිය - ඇමෙරිකානු ඩොලර් 68,000.00කට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණයකි.
බදු කාල සීමාව - 2012 ජුනි මස 01 දින සිට අවුරුදු තුනකි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks