පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ආබාධිත තැනැත්තන් භාවිතයට ගන්නා ‘ආධාරක උපකරණ’ ආනයන බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, නිදහස් කර ඇති ප්‍රතිශතය කවරේද;
(iii) නිදහස් කොට ඇති බදු වර්ග සහ උපකරණ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පෞද්ගලික පරිහරණය සඳහා ආබාධිතභාවයට ගැලපෙන පරිදි නිෂ්පාදනය කර ඇති රථ වාහන ආනයනය කිරීමේදී බදු සහන ලබාදීමට හැකියාව තිබේද;
(ii) එසේ නම්, බදු සහන ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම සහ චක්‍රලේඛ කවරේද;
(iv) පවතින චක්‍රලේඛ සහ නීති රාමුව තුළ ආධාරක උපකරණ හෝ රථ වාහන ආනයනයේදී බාධා පවතින්නේ නම්, එම නීති සංශෝධනය කිරීමට පියවර ගන්නේද;
(v) ආබාධිත තැනැත්තන්ට පෞද්ගලිකව හෝ ඔවුන්ගේ සංවිධානවලට විදේශීය පරිත්‍යාග ලෙස ලැබෙන ආධාරක උපකරණ සහ යෝග්‍ය රථ වාහන ආනයන බද්දෙන් නිදහස් කර තිබේද;
(vi) පරිත්‍යාග ලෙස ලැබෙන භාවිතා කරන ලද උපකරණ හා රථ වාහන සඳහා බදු සහනයක් ලබා දීමේ හැකියාවක් තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-24
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, තීරු බදුවලින් නිදහස් කර ඇත.
(ii) තීරු බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ය.
(iii) තීරු බද්දෙන් නිදහස් කර ඇති භාණ්ඩ පිළිබඳ ලේඛනයක් ඇමුණුම මඟින් දක්වා ඇත. එහි ප්‍රධාන වශයෙන් සංයෝජිත කේත 87.13 කියන කාණ්ඩය යටතේ යාන්ත්‍රිකව ක්‍රියා කරන උපකරණත්, යාන්ත්‍රිකව ක්‍රියා නොකරන අනෙකුත් උපකරණත් කාණ්ඩ ගණනාවක් යටතේ නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ තොරතුරු ඇතුළත් ලේඛනය ඇමුණුම වශයෙන් මම සභාගත* කරනවා.
(ආ) (i) ඉහත සඳහන් ආකාරයේ රථ වාහන ආනයනය කිරීමේදී බදු සහන ලබා දීම සඳහා මේ වනවිට යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකව නොමැත.
(ii) බදු සහන ලබා දීමට යෝජනා ක්‍රමයක් නොමැති බැවින් නිශ්චිත ක්‍රමවේදයක් සඳහන් කළ නොහැක.
(iii) දැනට චක්‍රලේඛ නොමැත.
(iv) ආධාරක උපකරණ සඳහා තීරු බදු නිදහස් වන අතර එවැනි භාණ්ඩ ආනයනයට වෙනත් බාධා පවතින බව නිරීක්ෂණය වී නොමැත. එහෙත් වාහන සඳහා බදු සහන ලබා දීමේ යෝජනා ක්‍රමයක් සකස් කර නොමැති බැවින් ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ වන සියලු බදු ගෙවීමට ආනයනකරුවන් බැඳී සිටී. එමෙන්ම පැරණි වාහන, වමෙන් ධාවනය වන වාහන ආදිය ආනයනය කිරීමේදී ආනයන හා අපනයන පාලන නීති ක්‍රියාත්මක වන අතර, එම නීති ලිහිල් කිරීමට, වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැත.
(v) ආධාරක උපකරණ තීරු බද්දෙන් නිදහස් කර ඇතත්, වාහන සඳහා එවැනි සහනයක් ක්‍රියාත්මක නොවේ.
(vi) ආධාරක උපකරණ සඳහා තීරු බදු නිදහස් වන අතර, වාහන සඳහා බදු සහන ලබා දීමට යෝජනා ක්‍රමයක් සකස්ව නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks