පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ආබාධිත තත්ත්වය හේතුවෙන් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි තැනැත්තන් සඳහා ලබාදෙන විසඳුම් කවරේද;
(ii) ඉඩමක් හිමි නමුත් නිවසක් නොමැති ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ගැටලුව නිරාකරණය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ‘එක්ව අත් නොහැර’ ප්‍රතිපත්තිය අනුව නිවසක් ලබාදීම සඳහා සලකනු ලබන නිර්ණායක කවරේද;
(ii) එම නිර්ණායක සියලු ආබාධ සහිත ප්‍රජාව අන්තර්ගත වන පරිදි සකස් කර තිබේද;
(iii) රජය විසින් ඉදිකරන නිවාස යෝජනා ක්‍රමවල නිවාසවලින් යම් ප්‍රතිශතයක් ආබාධ සහිත තැනැත්තන්ට වෙන් කිරීමේ ක්‍රමයක් තිබේද;
(iv) නොඑසේ නම්, ඉදිරියේදී එවැනි නිවාස වෙන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් දිළිඳු සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ නිවාස අවශ්‍යතාව වෙනුවෙන් "තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඊට අමතරව ක්‍රියාත්මක කරන "සෙවණ ආධාර" වැඩසටහන මඟින් ද ආබාධිත තැනැත්තන්ගේ නිවාස ගැටලුවට විසඳුමක් ලබාදීමට ක්‍රියා කරනු ලැබේ. "සෙවණ ආධාර" වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ඉඩමක් හිමි නමුත් නිවාස ණය මුදලක් ලබාගෙන ආපසු ගෙවීමේ හැකියාව නොමැති අදාළ ග්‍රාම නිලධාරි වෙතින් ලබා ගත් අඩු ආදායම් සහතිකය සහිත, විශේෂ අවශ්‍යතා ඇති, සුව නොවන මාරාන්තික ලෙඩ රෝගවලින් හා ශාරීරික දුබලතාවලින් පෙළෙන, පවුලේ ආදායම උපදවන්නා අහිමි, ස්ථීර ආදායම් මාර්ග නොමැති අපේක්ෂා භංගත්වයට පත් වූ සහ සුවිශේෂී දක්ෂතා ඇති නිවසක් ඉදිකර ගැනීමේ සැබෑ අවශ්‍යතාවක් ඇති දිළිඳු පවුල් මෙහිදී දායක කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. මේ සඳහා සෙවණ අරමුදලින් ප්‍රතිපාදන වෙන් කරනු ලැබේ. තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීමේදී රුපියල් 1,000,000ක් ද, නිවසක් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් 750,000ක ආධාර මුදලක් ද වශයෙන් වෙන් කරනු ලැබේ.
ඉහත වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ආබාධ සහිත පුද්ගලයින් සිටීම හෝ දිගු කාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ගෙන් සමන්විත වීම වැනි, නිවසක් තනා ගැනීමේ අභියෝගයට මුහුණ පා සිටින පවුල්හට ප්‍රමුඛතාවක් හිමි වේ. මෙම වැඩසටහන යටතේ තෝරා ගන්නා ප්‍රතිලාභී පවුලකට උපරිම වශයෙන් රුපියල් 1,000,000ක ආධාරයක් ලබා දෙනු ලබයි. මීට අමතරව, ආබාධිත තැනැත්තකු ජීවත් වන නිවසේ වැසිකිළිය හා නාන කාමරය ඔහුගේ / ඇයගේ දෛනික ජීවිතය පහසු කරන ආකාරයට යෝග්‍ය ප්‍රමිතියෙන් යුත් අංගෝපාංග සහිතව වැසිකිළි 500ක් ඉදිකිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වේ. එක් වැසිකිළියක් සඳහා රුපියල් 1,000,000ක ආධාර මුදලක් ලබාදීමට නියමිතය.
(ii) ඉහත "තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ එක් පවුලකට රුපියල් 1,000,000 බැඟින් නිවාස ඒකක 9,700ක් අලුතින් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 9,700ක් වෙන් කර ඇත. සෙවණ ආධාර නිවාස වැඩසටහන යටතේ ආධාර නිවාස 295ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 715ක් 2026 වර්ෂය සඳහා වෙන් කර ඇත.
(ආ) (i) "එක්ව අත් නොහැර" ප්‍රතිපත්තිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනක් නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) 2006.10.17 වන දින අංක 1467/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් නිකුත් කර ඇති නිවේදනය පරිදි 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 23 වන වගන්තිය සමඟ කියවිය යුතු 25 වන වගන්තිය යටතේ සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යවරයා විසින් ඇතුළත් කර ඇති රෙගුලාසි වන 2006 අංක 01 දරන ආබාධිත පුද්ගලයින් (ප්‍රවේශ වීමේ) රෙගුලාසිය අනුව කාර්ය මණ්ඩල නිවාස, බහු නිවාස සහ උස් නේවාසික ඒකක හා කුලී නිවාස ඉදිකිරීමේදී බාධක රහිත විශේෂාංග සහිතව ඉදිකිරීම සඳහා සෑම නිවාස ඒකක 25කටම අවම වශයෙන් ඒකක 01ක් සහ ඉන්පසුව ඉදිවන සෑම නිවාස ඒකක 100කටම අමතර ඒකක 01ක් වෙන් කළ යුතුවේ.
(iv) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks