පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-10
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට මාසිකව ලබා දෙන මුදල රුපියල් 10,000.00යි. ඒ ප්‍රමාණය රුපියල් 10,000.00 දක්වා වැඩි කළේ 2025 අය වැයෙන්.
(ii) දැනට ලබා දෙන පුද්ගලයින් සංඛ්‍යාව 171,957යි. ඒ තත්ත්වය ගත්තාමත් ඇත්තටම 2025න් පසුව තමයි 40,000ක් පමණ වැඩි වුණේ. ඊට කලින් ලබා දුන්නේ 130,000කට පමණ.
(iii) දැනට මෙහි සීමාවක් අපි පවත්වාගෙන යන්නේ නැහැ, ගරු මන්ත්‍රීතුමනි. අපි අඛණ්ඩව ඉල්ලුම් පත්‍ර ලබා ගන්නවා. නමුත් ගැසට් නිවේදනයේ ඉදිරිපත් කරලා තිබෙනවා, ලක්ෂ දෙකක සීමාවක්. ඒ අනුව තමයි අය වැයෙන් වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ලබා ගන්නේ පුද්ගලයින් 171,000ක් පමණ නිසා තවත් පුද්ගලයින් 29,000කට පමණ ඉල්ලුම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉල්ලුම් පත්‍ර වැඩි වුණොත් අපි මේ සීමාව ඉවත් කිරීමට කටයුතු කරනවා.
(iv) මේකෙදි සීමාවක් නැහැ. එක පවුලක පුද්ගලයින් කිහිප දෙනෙක් හිටියත්, එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ පස් දෙනෙක් හෝ හිටියත් සියලු දෙනාටම මේ ජීවනාධාර මුදල ලබා දීම සඳහා අපි කටයුතු කරනවා, ගරු කථානායකතුමනි.
(ආ) (i) ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන්නේ සමාජ සේවා නිලධාරි හෝ වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරනු ලබන ආබාධිතභාවය පිළිබඳ නිර්ණායකය.
ඊළඟට, මේ වෙනකොට භාවිත කරන්නේ පවුලේ මාසික ඒකපුද්ගල ආදායම.
(ii) දැනට ආදායම් මට්ටම නිශ්චය කරන්න භාවිත කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛාවයි. ඒ අනුව මේ වර්ෂයේ මුල තිබුණු දරිද්‍රතා රේඛාව අනුව ඒක පුද්ගල ආදායම මාසිකව රුපියල් 16,191ට වඩා අඩු සියලු දෙනා ආදායම් කාණ්ඩය යටතේ මේ ආධාර මුදල ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.
(iii) එවැනි බාධාවක් නැහැ. ඒ අනුව අස්වැසුම හෝ වෙනත් ආධාර ලබන ඕනෑම කෙනෙකුට ඊට අමතර වශයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන ජීවනාධාර මුදල ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
(iv) 2026 වර්ෂයේදී මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 19,000ක් - බිලියන 19ක් - වෙන් කර තිබෙනවා.
(v) දැනට පොරොත්තු ලේඛනයක් අපි පවත්වා ගෙන යන්නේ නැහැ.
ගරු කථානායකතුමනි, මම දන්නවා, ගරු මන්ත්‍රීතුමා එ් ප්‍රශ්නය අහන්නේ ඇයි කියලා. මීට කලින් ආබාධ සහිත පුද්ගලයින්ගේ මාසික ජීවනාධාර මුදල ලබා ගැනීමේදී පොරොත්තු ලේඛනයක් පවත්වා ගෙන ගිහිල්ලා යම් සීමාවක් පවත්වා ගෙන ගියා. නමුත්, අපි 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ඒ පොරොත්තු ලේඛනය අවසන් කරලා තිබෙනවා. නිරන්තරයෙන් අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. අයදුම් පත්‍ර නිසි පරිදි යොමු කරලා නිර්දේශ ලැබෙනවා නම්, ඊළඟ මාසයේදී ජීවනාධාර මුදල ලබා දීම සඳහා අපි කටයුතු කරනවා.
(vi) ඔව්.
ඒ අනුව අපි 2026 වර්ෂය සඳහා කැලැන්ඩරයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.
|
අනු අංක |
මාසය |
දීමනා ගෙවිය යුතු දිනය |
|
1 |
අප්‍රේල් |
අප්‍රෙල් 9-10 |
|
2 |
මැයි |
මැයි 14-15 |
|
3 |
ජුනි |
ජුනි 15-16 |
|
4 |
ජූලි |
ජූලි 14-15 |
|
5 |
අගෝස්තු |
අගෝස්තු 13-14 |
|
6 |
සැප්තැම්බර් |
සැප්තැම්බර් 14-15 |
|
7 |
ඔක්තෝබර් |
ඔක්තෝබර් 13-14 |
|
8 |
නොවැම්බර් |
නොවැම්බර් 12-13 |
|
9 |
දෙසැම්බර් |
දෙසැම්බර් 14-15 |
ඒ සියලු දින පිළිබඳව අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරලා තිබෙනවා. උදාහරණයක් විධියට, සෑම මාසයකම 15වන දිනට පෙර, ඒ වාගේම 12වන දිනත් 15වන දිනත් අතර මෙම ජීවනාධාර මුදල ගෙවනු ලබනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks