පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1971/2026
ගරු රවී කරුණානායක මහතා,— වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පොල් කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නිල වශයෙන් පිළිගත් වර්ෂය සහ මේ දක්වා සංධිස්ථාන සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් කවරේද;
(ii) පසුගිය වසර 50 තුළ උපරිම නිෂ්පාදනයක් වාර්තාවූ වර්ෂ නිෂ්පාදනය සමඟ සහ පසුගිය වර්ෂයේ නිෂ්පාදනය කොපමණද;
(iii) පොල් වගා කළ උපරිම ඉඩම් ප්‍රමාණය සහ එය වාර්තාවූ වර්ෂය කවරේද;
(iv) එක් එක් දිස්ත්‍රික්කය/පළාත අනුව වර්තමානයේ පොල් වගා කර ඇති බිම් ප්‍රමාණය සහ කිසියම් අඩුවීමක් සිදුවී ඇත්නම් එයට හේතු කවරේද;
(v) වර්තමානයේ ජාතික සාමාන්‍ය අස්වැන්න, දිස්ත්‍රික්කය අනුව ලැබෙන අස්වැන්න, අඩුම සහ වැඩිම අස්වැන්න ලැබෙන දිස්ත්‍රික්ක 5 සහ ඇස්තමේන්තුගත අස්වැන්න අතර පරතරය කොපමණද;
(vi) ශ්‍රී ලංකාවේ හා පොල් වගා කරන වෙනත් ප්‍රධාන රටවල් 6ක අස්වැන්න පිළිබඳ සංසන්දනාත්මක දත්ත සහ ඒ අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම කවරේද;
(vii) ක්‍රියාත්මක කිරීමේ කාලසීමාවන් ඇතුළුව පොල් වගාව ආශ්‍රිතව දේශීය වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද;
(viii) පසුගිය වසර 5 තුළ අපනයන ආදායම සමඟ ප්‍රධාන අපනයන වෙළඳපොළ කවරේද;
(ix) සෘජු සහ වක්‍ර රැකියාවල නිරත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(x) පසුගිය වසර 10 තුළ පර්යේෂණ, නවීකරණ සහ ව්‍යාප්තිය සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-05
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks